බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළව ලොහාන් රත්වත්තේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ ලිපිය ජනපතිවරයා විසින් පිළිගෙන ඇති බව වාර්තා වනවා.
මීට සුළු මොහොතකට පෙර ජනාධිපති වරයා විසින් අදාළ ඉල්ලා අස්වීම නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතා විසින් මෙම කරුණු තහවුරු කළා.
කෙසේ වෙතත් බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව ඔහු විසින් දරනු ලබන මැණික් හා ස්වර්ණාභරණ වීෂයට අදාළ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඔහු ඉල්ලා අස්වූ බවට කිසිදු තොරතුරක් මේ වනතෙක් වාර්තා වන්නේ නැහැ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට