යාළුවන්ට එල්ලුම් ගහ ගැන දැනුම දෙන්න පිස්තෝලයකුත් අරන් ඇවිත් – හතර ගාතෙට ඔන්න මෙන්නලු
රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ඔහුගේ හිතවතුන් රැසක් සමග වැලිකඩ බන්ධනාගාරයට පරිශ්‍රයට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරී ඇතැයි ‘ද මෝනින්’ පුවත්පත වාර්තා කරනවා.
හිතවතුන්ට එල්ලුම් ගස පෙන්වීමට අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය වී ඇති අතර ඔහු පැමිණි අවස්ථාවේ බීමතින් සිට ඇතැයිද සඳහන්ය.
ඒ මොහොතේ අමාත්‍යවරයා සතුව පිස්තෝලයක්ද තිබී ඇති බවත් ඔහු සිටගෙන සිටීමට නොහැකි තරමට බීමතින් සිටී බැවින් අවස්ථා කිහිපයකදී බිම ඇද වැටී ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
බන්ධනාගාරයට පිරිස ඇතුළු වීම වැළැක්වීමට උත්සාහ දැරීමට ගිය නිලධාරීන්ට අමාත්‍යවරයා හා ඔහුගේ හිතවතුන් විසින් පරුෂ වචනයෙන් බන වැදී ඇති බව ද සඳහන්.
කෙසේ නමුත් මේ ආකාරයේ සිදුවීමක් තමන්ට වාර්තා වී නැතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා අදාළ පුවත් පත වෙත පවසා තිබෙනවා.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?