පාරේ නැත්තේ නැව් සහ ප්ලේන් විතරයි සේරම රට රවටන බොරු
රට තුල මේ වනවිට දිනෙන් ආණ්ඩුව විසින් විවිධ නාට්‍ය පෙන්වන බවත් එම නාට්‍ය තුලින් සැබෑ ජනතා ප්‍රශ්න යටගැසීමට ආණ්ඩුව ක්‍රියාකරන බව හිටපු පළාත් සභා මන්ත්‍රී, සමගි ජන බලවේගයේ දෙවිනුවර ආසනයේ ප්‍රධාන සංවිධායක චතුර ගලප්පත්ති මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කලේ පසුගියදා මාතර පඹුරණ පිහිටි සිය නිවසේදී විරෝධතාවක් පවත්වමින්.
හිටපු මන්ත්‍රීවරයා සිය නිවසේ සිමාවේ සිටිමින්ම නිරෝධායන නීතීන්ට අනුගතව මෙම විරෝධතාවය පැවැත්වීම විශේෂත්වයක්.
අද වනවිට මහා මාර්ග තුල දක්නට නොලැබෙන්නේ නැව් සහ ගුවන් යානා පමණක් බවත් බොහෝ ජනතාව මාර්ග තුල ගමන් කරන ආකාරය බොහෝ ප්‍රදේශවල දැකගත හැකි බවත් එමගින් නිරෝධායන සංචරණ සීමා වල අර්ථයට හානියක්ව ඇති බැවින් සෞඛ්‍ය අංශ අපේක්ෂිත ප්‍රතිපල ලබාගැනීම නොහැකිවනු ඇති බවත් ගලප්පත්ති මහතා කරනවා.
එහිදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කලේ,
රජය මේවනවිට රට තුල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා යැයි පවසමින් මහජන ආරක්ෂක පනතේ බලතල යොදාගනිමින් රට තුල හදිසි නීතිය බලාත්මක කොට ඇති බවත් එය ජනතාවට පීඩාකාරී සහ අත්තනෝමතික ක්‍රියාවක් බවයි.
රජයට සැබෑ ලෙසම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ආපදා පනතේ සහ පාරිභෝගික පනත්වල සඳහන් ප්‍රතිපාදන ඒ සඳහා ප්‍රමාණවත් බවද පෙන්වාදුන් හිටපු මන්ත්‍රීවරයා රජය සිය දේශපාලන පරමාර්ථයන් අනුව යමින් වැඩකරන ජනතාව සහ සිවිල් ක්‍රියාධරයින් මර්දනය කිරීම සඳහා මෙම හදිසි නීතිය පනවා ඇති බවට චෝදනා කළා.




අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට