මෑත ඉතිහාසයේ මෙරටින් සහභාගිවන අඩුම දූත පිරිසයි – ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයකින්ම කියයි
එක්සත් ජාතීන්ගේ 76 වෙනි මහා මණ්ඩල සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව යන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජනපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ සංචාරය සඳහා අයෝමා රාජපක්ෂ මහත්මිය එක්වන්නේ සිය පුද්ගලික වියදමින් බවයි.
එමෙන්ම මෙය මෑත ඉතිහාසයේ මෙරටින් සහභාගිවන අඩුම දූත පිරිස බවත් තම ප්‍රතිපත්තිය සහ රටේ පවතින තත්ත්වය අනුව ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
විදේශ අමාත්‍ය ජී එල් පීරිස්, ජනපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ අමාත්‍යංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරුන් ජනපතිවරයා සමඟ මෙම සංචාරයට එක්වන බවයි එම නිවේදනයෙහි දැක්වෙන්නේ.
ආර්ථික, අධ්‍යාපන සහ කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ මෙම සංචාරයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ජනාධිපතිවරයා සම්බන්ධ වීමට නියමිත බව ද ජනපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට