Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එකී මෙකී නොකී භාණ්ඩ වර්ග 623 ක් ආනයනය කිරීම හිර කිරීමට රජය පියවර ගනී

ජංගම දුරකථන, ඇඳුම් පැළදුම්,ආහාර වර්ග, ගෘහ උපකරණ රැසක් ඒ අතර – ලංකාවේ දැනට ඇති භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක්

ශ්‍රී ලංකාව වෙත ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 623 ක් ආනයනය කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

පසුගියදා පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙනාති බව සඳහන්.

මහා බැංකුව නිවේදනය කරන්නේ, ආනයන අධෛර්යමත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රැක ගැනීම සඳහා දැනටමත් සිදු කෙරෙන උත්සාහයන්ට සහය වනු පිණිස මෙම තීරණය ගෙන ඇති බවයි.

About The Author