Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අයියයි මල්ලියි මොකක්ද මේ කරන විගඩම – අනුර කුමාර අසයි

ජාවාරම් වලින් උපයාගත් කළු සල්ලි සුදුකරන ජාවාරමක් පිළිබඳ මුදල් ඇමතිට චෝදනා

ජාවාරම්වලින් උපයාගත් කළු සල්ලි නීත්‍යානුකූල ලෙස සුදු කිරීමේ කටයුත්තක් සම්බන්ධයෙන් මුදල් අමත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ලවී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසන්නේ මේ හරහා විශාල බදු මුදල් අහිමි වීමක් රටට සිදුවනවා මෙන්ම ජාවාරමුන් සතු රුපියල් කෝටි ගණනක මුදල් වලට නීත්‍යනුකුල වලංගු භාවයක් හිමිවන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රටේ ආදායම් තත්වය කඩා වැටී ඇති බව පවසමින් ජනතාවට පටි තද තද කරගන්නැයි කියා සිටින මොහොතක ඔහුගේ සහෝදරයා විසිනි රටට හිමිවිය යුතු විශාල බදු මුදලක් අහිමි කරමින් ජාවාරම්කරුවන් ආරක්ෂා කරමින් සිදුකරන විගඩම කුමක්දැයි ද අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රශ්න කළා.

කෙසේ වෙතත් ආණ්ඩුව විසින් මෙලෙස කටයුතු කරනු ලබන්නේ කැබිනට් මණ්ඩල තීරණයකට අනුවයි.

එම තීරණයට අදාළ පුවත අප අනාවරණය කළේ පසුගිය ජුලි මාසයේදී මෙලෙස රටට හෙළිකළා.

සබැඳි පුවත – ආදායම් සහ වත්කම් හෙළිනොකොට බදු ගෙවීම් පැහැර හරින පුද්ගලයින්ගේ රැකවරණයට රජයම ඉදිරිපත්වෙයි – රටට රුපියල් කෝටි ගණනක් අහිමි වෙයි!

About The Author