Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාස්කු බෝම්බය නැවත පුපුරයි – ප්‍රහාරයට ආණ්ඩුව සැක කිරීමට හේතු නිර්මාණය වී ඇති බව කතෝලික සභාව කියයි

කාදිනල් හිමියන් විදෙස් ඇමති හමුවීමත් ප්‍රතික්ෂේප කරයි – හමුවනවා නම් කොන්දේසි සපුරා එන්නැයි ලිඛිතව ම දැනුම් දෙයි

මෙරට සිටින වතිකානු තානාපති බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමන් සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියලූ දෙනා නීතිය හමුවට ගෙන ඒම පිළිබඳ මෙහිදී අදහස් පළවු බවයි විදේශ අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සහ කතෝලික රදගුරු සම්මේලනය සමග හැකි ඉක්මනින් සාකච්ඡාවක් පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ලබන 12 වැනිදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය සහ සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පිළිබඳව ද මෙහිදී කරුණු හුවමාරු වූ බව සඳහන්.

පාස්කු ප්‍රහාරයේ යුක්තිය ප්‍රමාද වීම ශ්‍රී ලංකාවට පාරවලල්ලක් වන ලකුණු

පාස්කු ප්‍රහාරය සිදු වූ මාස 28 කට වැඩි කාලයක් ගතව තිබියදීත් ඒ සම්බන්ධයෙන් නිසි අයුරින් යුක්තිය ඉටු නොවූ බවට මේ වන විට විශාල කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

මෙම තත්ත්වය තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී මේ පිළිබඳව රජයෙන් ප්‍රශ්න කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික සභාව විසින් මේ පිළිබඳව වතිකානය දැනුවත් කර තිබෙනවා.

විදෙස් අමාත්‍ය ජි එල් පීරිස් මහතා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් බැහැදැකීමට අවස්ථාවක් ඉල්ලා ඇත්තේ එවන් වටපිටාවක් තුළයි.

කෙසේ නමුත් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අගරදගුරු හිමියන්ගේ පාර්ශවයෙන් දැනුම් දී ඇත්තේ අගරදගුරු හිමියන් හමුවීමට නම් පාස්කු කොමිසම වාර්තා වේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලෙසයි.

එමෙන්ම සිදු කෙරෙන පරීක්ෂණ අපක්ෂපාතිව සිදුකරන බවට විශ්වාසය ඇති කරන ලෙසද කරන ලෙසද කාදිනල් හිමියන් ගේ පාර්ශවයෙන් දැනුවත් කර ඇති බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සඳහන් කළා.

ප්‍රහාරයට ආණ්ඩුව සැක කිරීමට හේතු නිර්මාණය වෙලා

මේ අතර Mee Massoo TV විශේෂ කතාබහකට එක්වෙමින් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් සඳහන් කළේ කිසිවිටෙකත් පාස්කු ප්‍රහාරයට රජයේ සම්බන්ධයක් ඇතැයි තමන් වහන්සේ ප්‍රකාශ නොකළ නමුත් මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය පිළිබඳව සැක මතු වීමට හේතු නිර්මාණය වී ඇති බවයි.

මින් ඉදිරියට පාස්කු ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයකට එහා ගිය කුමන්ත්‍රණයක් බව තමන් විශ්වාස කරන බව ද උන්වහන්සේ සඳහන් කළා.

එහි සුලමුල හෙළි වූ දාට මෙරට වත්මන් දේශපාලන උඩුයටිකුරු වනු ඇතැයි ද සඳහන් කළ උන්වහන්සේ පාස්කු ප්‍රහාරයේ සැබෑ කුමන්ත්‍රණකරුවන් සමාජයේ නිදැල්ලේ හැසිරෙමින් සිටීම බරපතල ගැටලුවක් බව ද සඳහන් කළා.

අදාල සම්පූර්ණ සාකච්ඡාව පහලින්..

About The Author