පාක්ෂිකයන් අන්තර්ජාලය හරහා රැස්කරයි
එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ පස් වන සංවත්සරය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට එම පක්ෂයේ තීරණය කර තිබෙනවා.
මෙරට දේශපාලන ආර්ථික සහ සමාජ සංස්කෘතික කාරණා පිළිබඳව මෙන්ම ලෝක දේශපාලනය ප්රවණතා පිළිබඳව පක්ෂ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මීට සමගාමීව ආරම්භ කර තිබෙනවා.
එය නම් කර තිබෙන්නේ “මහජන සභාව” නමින්.
පවතින තත්වය හේතුවෙන් මෙම වැඩසටහන සතිපතා අන්තර්ජාලය ඔස්සේ Zoom ජංගම යෙදවුම හරහා සිදු කෙරෙනවා.
පක්ෂ සංවත්සර සැමරුම සැප්තැම්බර් 05 වනදා
මෙරට පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය සැප්තැම්බර් 06 වන දාට යෙදෙන සිය 75 වන සංවත්සර සැමරුම එළඹෙන 05 වන ඉරුදින සැමරීමට සැලසුම් කර තිබෙනවා.
” ජ්‍යේෂ්ඨ ඉතිහාසයක් – ශ්‍රේෂ්ඨ අනාගතයක් “ යන්න මෙහෙවරෙහි තේමාවයි.
පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ සංවත්සර සැමරුම සිදු කිරීම සඳහා කටයුතු සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අදාල සැමරුම් උත්සවය අන්තර්ජාලය හරහා සජීවීව විකාශය කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සැප්තැම්බර් මස 05 වැනිදා සවස 05.00 සිට 06.00 දක්වා කාලය තුළයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට