පහර කෑ තවත් පුද්ගලයෙකු මරුට
යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී තියුණු ආයුධ ගත් පිරිසකගේ පහරදීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කල තිදෙනාගෙන් එක් අයෙකු මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසනවා.
පසුගිය 22 වනදා රාත්‍රියේ ගුරුනගර් වෙරල පාර අසලදී යතුරුපැදි දෙකකින් තියුණු ආයුධ ගත් පිරිසක් පැමිණ එකවරම සිදුකල පහරදීමකින් වෙරල මාර්ගයේ ගමන්කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලැබූවා.
ඉන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා නොසිටි අතර බරපතල තත්වයේ සිටි පුද්ගලයින් තිදෙනෙකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙලෙස බරපතල තත්වයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙකු මෙලෙස මිය ගොස් ඇති අතර ඔහු ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ජෙනරාජ් නැමත්තෙකු බව හඳුනාගෙන තිබෙනවා.
අදාල පහරදීම සිදුකරන ලද පුද්ගලයින් කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අදාල පිරිස් සොයා පුලුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය සඳහන් කළා.
කෙසේ වෙතත් දිගින් දිගටම යාපනය අර්ධද්වීපයේ ස්ථාන රැසකින් පුද්ගලයින්ට පහර දීම් , කපා කොටා තුවාල සිදු කිරීම් මෙන්ම මරා දැමීමේ සිදුවීම් රැසක් ම පසුගිය කාලය පුරාම වාර්තා වූ අතර මේ දක්වා එම කණ්ඩායම් පාලනය කිරිමට ආරක්ෂක අංශ අසමත්ව තිබෙනවා.
විටින් විට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සිදු කළද දිගින් දිගටම සිදුවන ත්‍රස්තක්‍රියා සහ අපරාධ පාලනය කිරීමට මෙතෙක් ඔවුන්ට හැකිව නැති බැවයි යාපනය ජනතාව පවසන්නේ.
මේ තත්වය තුළ යාපනයේ ජනතාව විශාල තැති ගැන්මකට ලක්ව සිටින අතර මේ සිදු වීම් බොහොමයක් පසු පස ආවා කල්ලිය නම් සංවිධානයක් සිටින බවට තොරතුරු වාර්තාවනවා.
© මුලාශ්‍ර – වන්නි රොමේෂ් මධුෂංඛ
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට