Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තෙල් හිඟයක් ඇති වන බව කියූ වෘත්තීය සමිති නායකයා CID අත්අඩංගුවට

අසත්‍ය තොරතුරු පවසා රටම කැළඹු බවට පැමිණිලක්

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට ඉන්ධන සංචිත ඇත්තේ දින 10ක පමණ කාලයක් සඳහා යැයි ඔහු පැවසු අතර මේ හේතුවෙන් ජනතාව තුළ කැළඹීමක් ඇති වූ බව ට චෝදනා එල්ල වී තිබෙනවා.

ආනන්ද පාලිත මහතා මාධ්‍ය හමුවේ කරන ලද අදාළ ප්‍රකාශය පිළිබඳ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

About The Author