රට පුරා මහ පෝලිම් ඉන්ධන පිරවුම් හල්, සුපිරි වෙළඳසැල් කඩ සාප්පු ජනයාගෙන් පිරෙයි – නිරෝධායන නීති කුඩේ කුඩු
අද සිට අගෝස්තු මස 30 වෙනිදා දක්වා දින 10 ක කාලයක් සඳහා රට වසා දමන බව නිවේදනය කිරීමත් සමග විශාල ජනතාවක් තම නිවෙස්වලින් එළියට පැමිණ භාණ්ඩ මිලදී ගැනීම සඳහා කටයුතු කරන අයුරු අද පස්වරුවේ දැකගත හැකි වුණා.
ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණේ ඉදිරි දින කිහිපයේ ඉන්ධන සංචිත අවසන් වන බවට වාර්තාව තොරතුරු හේතුවෙන්.
මීට අමතරව ප්‍රධාන නගර රැසක සුපිරි වෙළඳ සැල් මෙන්ම කඩ සාප්පු වල ජනතාව පොදි කමින් සිටියේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහායි.
මේ අතර මත්පැන් අලෙවිසල් අසල ද දිගු පෝලිම් දක්නට ලැබුණා.
මෙලෙස ජනතාව ඒකරාශි වී තිබූ බොහෝ ස්ථානවල කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් අනුගමනය කළ බවක් දක්නට ලැබුණේ නැහැ.
ඇතැම් සුපිරි වෙළඳසැල් වල ජනතාව පිරී ඉතිරී සිටියේ 25% ක ධාරිතාවක් පමණක් ඇතුළත් කරගත යුතු බව සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා නිකුත් කළ තිබූ තත්වයක් තුළයි.
කොරෝනා වෛරසයේ පැතිරීම සහ සිදුවන මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන මොහොතක අද පස්වරුවේ නිර්මාණය වී තිබූ තත්ත්වය කණගාටුදායක එකක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
මීට පෙර ද මේ අයුරින්ම ඇඳිරි නීතිය පැනවීම සහ ඇඳිරි නීතිය කෙටි කලකට ඉවත් කොට නැවත පැනවීම ඇතුළු අවස්ථා කීපයකදී ජනතාව අනාරක්ෂිත වූ අයුරු දැක දැකත් එකවරම මේ අවස්ථාවේදී ද එම තත්ත්වය නිර්මාණය වන අයුරින් කටයුතු සිදු වීම කණගාටුදායක බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට