Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බස්නාහිර පළාතේ රෝගීන්ගෙන් 50% කට දිවි රැකගැනීමට ඔක්සිජන් අත්‍යාවශ්‍යයි

තත්වය තවත් සංකීර්ණ අතට – වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හෙළිකරයි

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් බස්නාහිර පළාතේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ගෙන් 50% කට දිවි බේරා ගැනීම සඳහා ඔක්සිජන් අවශ්‍ය වී ඇති බව වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පවසනවා.

මීට හේතු වී තිබෙන්නේ රෝනා ආසාදිතයින් බොහෝදෙනෙකු නිවෙස් තුළ ප්‍රතිකාර ලබමින් සිට අසාධ්‍ය වූ අවස්ථාවේ දී රෝහල් වෙත පැමිණීම බවයි වාර්තා වන්නේ.

අවස්ථාවේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට නම් අනිවාර්යෙන්ම ඔවුන්ට ලබා දීමට සිදුවන බවයි ඔහු පවසන්නේ.

මේ තත්ත්වය තුළ රෝහල වෙත පැමිණෙන බොහෝ රෝගීන් සඳහා ඔක්සිජන් ලබාදීම අත්‍යවශ්‍යම වී තිබෙනවා.

මෙම තත්වය නිර්මාණය වීමට ප්‍රධානතම හේතුවක් වී තිබෙන්නේ තමන් කොරෝනා ආසාදිත බව නොදැන වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ දැනුවත්ව හෝ නොදැනුවත්ව කොරෝනා තත්ත්වය නොසලකා කටයුතු කිරීමයි.

මෙවර විට රෝහල් වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව පෙන්වා දෙන ලාල් පනාපිටිය මහතා සඳහන් කරන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස් සිට ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේද පිළිබඳ වැඩි අවධානයක් යොමුකර ඇති බවයි.

247 අංකය හරහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින බවත් මීට අමතරව Self Shield App ජංගම යෙදුම බාගත කර ගැනීම හරහා ද තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින බවයි වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ලාල් පනාපිටිය මහතා සඳහන් කළා.

About The Author