Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සංචරණ සීමා දැඩි වෙයි – අලුත්ම තත්වය මෙන්න

හෙට සිට රාත්‍රී 10 සිට පසු දින අළුයම 4 දක්වා දිනපතා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා මෙම නිරෝධායන ඇඳිරි නීතිය බල නොපාන බව ද වාර්තා වනවා.‍

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ජනතාව ඒකරාශි වන කිසිඳු අවස්ථාවකට අවසර නොලැබෙන බව සහ අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු නිවාස වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය සඳහා අවසර නොලැබෙන බවද නිවේදනය කර තිබෙනවා.

අවන්හල් තුළටද රැස් විය හැකිවන්නේ ඒවායේ ධාරිතාවයෙන් සියට 50 ක පමණ පිරිසකටයි.

හැකිතාක් දුරට ගමන් බිමන් සීමා කරමින් සංචරණ සීමා පවත්වාගෙන යාමට ස්වේච්ඡාවෙන්ම ජනතාව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද යුද හමුදාපතිවරයා අවධාරණය කර තිබෙනවා.

About The Author