Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා හැදෙන 5% ක් මැරෙන තැනට ශ්‍රී ලංකාව පත්වෙයි – ලෝක අනුපාතය 1.5% පමණයි

කොරෝනා වෛරසය ආසාදනය වන පුද්ගලයින් සිය දෙනෙකුගෙන් පස් දෙනෙකු මිය යන තත්ත්වයට ශ්‍රී ලංකා පත්ව ඇති බව මේ වන විට වාර්තාවනවා.

ලෝකයේ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අතර අනුපාතය දැක්වෙන්නේ සියයට 1.5 ක අඩු අගයක් ලෙසයි.

නමුත් ශ්‍රී ලංකාව තුළ මෙම තත්වය 5% ක අගයක් ගැනීම බරපතල අවදානම් සහගත වාතාවරණයක් නිර්මාණය කර ඇති බව අද දෙරණ වාර්තා කරනවා.

රජය විසින් මාධ්‍යට නිකුත් කරන කොරෝනා මරණ සහ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳ නිල තොරතුරු ද පිළිගත නොහැකි බවට මේ වන විට රජය නියෝජනය කරන පාර්ශවයන් විසින්ම ප්‍රකාශ කර තිබෙනවා.

බොහෝ දෙනෙකු පවසන්නේ කොරෝනා මරණ සංඛ්‍යාව මෙන්ම ආසාදිතයින් සංඛ්‍යාව ද වාර්තා කරන තොරතුරුවලට වඩා ඉහළ අගයක් ගන්නා බවයි.

තත්ත්වය සැබැවින්ම එසේ වන්නේ නම් මෙම මරණ අනුපාතය තවදුරටත් ඉහළ යා යුතුයි.

එසේනම් කොරෝනා ආසාදනය වන රෝගීන් සිය දෙනෙකුගෙන් පුද්ගලයන් පස් දෙනකුට වඩා වැඩි පිරිසක් මිය යාම සිදු වන බව පැහැදිලි වන්නක්.

මේ පිළිබඳව අප සිදු කළ සොයා බැලීම් වලදී වාර්තා වූයේ මෙලෙස වාර්තා වන ඇතැම් මරණ සඳහා නිසි සෞඛ්‍ය ප්‍රතිකාර නොලැබීම ද හේතුවක් වී ඇති බවයි.

ප්‍රධාන ගැටලුව වී තිබෙන්නේ රෝහල් පද්ධතිය ඔක්සිජන් සැපයුම පිළිබද මතුව ඇති බරපතල තත්වයයි.

About The Author