දැනට වෙළඳ පොළ තුළ පවතින කිරිපිටි හිඟය සම්බන්ධයෙන් අවශ්‍ය විසඳුම් ලබා දීම සඳහා යෝග්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමේ බලය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිරි පිටි ආනයනය කිරීමේදී පවතින බදු සීමාවන් ලිහිල් කිරීම ඇතුළු ඕනෑම ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ බලය බැසිල් රාජපක්ෂ මහතා වෙත පවරා තිබෙනවා.
මේ වන විට වෙළඳ පොළ තුළ දැඩි කිරිපිටි හිඟයක් පවතින අතර බොහෝ වෙළඳ සැල්වල කිරිපිටි වර්ග සියල්ලේම තොග අවසන් ව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබූ තීරණය පහළින්..
වෙළෙඳපොළේ පවතින කිරිපිටි හිඟය-
දැනට දේශීය වෙළෙඳපොළේ පවතින කිරිපිටි හිඟය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර දේශීය වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ දැමීමකින් තොරව, කිරිපිටි ආනයනය කිරීම සඳහා දැනට පවතින බදු අනුපාත සංශෝධනය කිරීම මඟින් හෝ වෙනත් යෝග්‍ය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම මඟින් හෝ ප්‍රමාණවත් කිරිපිටි තොග දේශීය වෙළෙඳපොළට සැපයීම තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස මුදල් අමාත්‍යතුමාට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට