ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගැන බැලීමේදී එම ප්‍රමාණය ඉන්දියාවේ මරණ සංඛ්‍යාවට වඩා 10 ගුණයකින් වැඩි යැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය සුනෙත් අංගම්පොඩි මහතා සඳහන් කරනවා.
ලෝකයේ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ මෙරට දෛනික සිදුවීම් සලකා බැලීමේදී ද ඉන්දියාව වඩා හතර ගුණයකින් ඉහළ බවයි.
දැනට ශ්‍රී ලංකාවේ සිදුවන කොරෝනා මරණ ප්‍රමාණය ඉන්දියාවේ උච්චතම අවස්ථාවේ වාර්තා වූ මරණ වලට වඩා වැඩි බව ද ඔහු පවසනවා.
ඒ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
මීට පෙරද මහාචාර්ය අගම්පොඩි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ඩෙල්ටා ප්‍රභේදයට අභියෝග කිරිමට ගත් ප්‍රවේශය හේතුවෙන් දිනකට පුද්ගලයන් 150-200 ක් පමණ ආදාහනය කල හැකි සමූහ ආදාහනාගාර ඉදිකිරිමට කාලය පැමිණ ඇති බවයි.



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට