Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

PCR පරීක්ෂණ ගැන නවලෝක රෝහලෙන් විශේෂ අනාවරණයක්

PCR පරීක්ෂණය සිදු කරන අවස්ථාවේදී ශරීරගත වෛරස් ප‍්‍රමාණය මූලික අවධියේ  පැවතිය හොත් එම අවස්ථාවේ සිදු කරන PCR පරීක්ෂණයේ සහ IgM ප‍්‍රතිදේහ පරීක්ෂණයේ ප‍්‍රතිඵලය ඍණාත්මක වීමට ඇති ඉඩකඩ ඉහළ සම්භාවිතාවක පවතින බව නවලෝක රෝහල පෙන්වා දෙනවා.

එමෙන්ම කෝවිඞ් වෛරසය හඳුනාගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂණ වල ප‍්‍රතිඵල මෙලෙස වෛරසයේ වර්ධන අවස්ථාවේදී සිදු කිරීමේදී ඍණාත්මක ප‍්‍රතිඵලයක් ලැබීම සාමාන්‍ය තත්වයක් බවද එය ලොව  ඕනෑම තැනක සිදු වූවද ප‍්‍රතිඵලය මීට සමාන විය හැකි බවද නවලෝක රෝහල් සමූහය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ චීන තානාපති කාර්යාලය නිකුත් කර ඇති නිවේදනයකට ප්‍රතිචාර දක්වමින්.

නවලෝක රෝහල හරහා සිදුකරන ලද PCR සහ IgM anti-body  පරීක්ෂණ වල ප්‍රතිඵල සාවද්‍ය බව තහවුරු වීමෙන් පසු අදාළ රෝහලෙන් සේවා ලබා ගැනීම නවතා දැමු බව චීන තානාපති කාර්යාලය සිය වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කර තිබෙනවා.

චීන තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ අදාළ රෝහල හරහා PCR සහ IgM anti-body  පරීක්ෂණ සිදු කොට අදාළ ප්‍රතිඵල කොරෝනා අසාදිත නොවන බව තහවුරු කර තිබූ ගුවන් මගීන් කිහිපදෙනෙකුම චීනයට යාමෙන් පසු එරටදී සිදු කළ පරීක්ෂණ වලදී කොරෝනා ආසදියන් බව හෙළි වී ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව ප්‍රවෘත්තිය අප පළ කිරීමෙන් පසු නවලෝක රෝහල් සමූහය එයට ප්‍රතිචාර දක්වා තිබුණා.

නවලෝක රෝහල් සමූහය විසින් අප වෙත එවන ලද අදාල සම්පුර්ණ ලිපිය පහළින්..

සබැඳී පුවත – නවලෝකේ කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල බොරු – ගුවන් මගීන්ගේ ජිවිතත් අනතුරේ – චීනය ප්‍රතිචාර දක්වයි, රෝහල ලැයිස්තුවෙන් ඉවත් කරයි

About The Author