නවලෝක රෝහල හරහා සිදුකරන ලද PCR සහ IgM anti-body පරීක්ෂණ වල ප්‍රතිඵල සාවද්‍ය බව තහවුරු වීමෙන් පසු අදාළ රෝහලෙන් සේවා ලබා ගැනීම නවතා දැමීමට චීන තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා.
චීන තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ අදාළ රෝහල හරහා PCR සහ IgM anti-body පරීක්ෂණ සිදු කොට අදාළ ප්‍රතිඵල කොරෝනා අසාදිත නොවන බව තහවුරු කර තිබූ ගුවන් මගීන් කිහිපදෙනෙකුම චීනයට යාමෙන් පසු එරටදී සිදු කළ පරීක්ෂණ වලදී කොරෝනා ආසදියන් බව හෙළි වී ඇති බවයි.
මේ හේතුවෙන් චීනයට යන සියළුම මගීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් නව ලෝක රෝහල කොරෝනා ආශ්රිත PCR සහ IgM anti-body පරීක්ෂණ සිදු කිරීම සඳහා අනුමත කර තිබු පුද්ගලික රෝහල් ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා.
වාර්තා වන අන්දමට ආසාදිතයන් ආසාදිතයන් නොවන බව තීරණය කිරීම හේතුවෙන් අදාළ ආසාදිතයන් සමග එකම ගුවන් යානයේ චීනය බලා ගිය සෙසු ගුවන් මගීන් ද බරපතල සෞඛ්‍ය අවදානමකට ලක්ව තිබෙනවා.

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට