ජනාධිපතිට හිතවත් සමාගම් වලට රසායනික පොහොර ගෙන්වීමට අවසර දී ඇති බවට චෝදනා..
ජනාධිපතිවරයා විසින් රසායනික පොහොර ආනයනය තහනම් කර තිබියදී පසුගියදා ශ්‍රී ලංකාවට රසායනික පොහොර මෙට්‍රික් ටොන් 10,000ක් ආනයනය කර ඇති බව හෙළිව තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සමහතා මෙම කරුණ මුල් වරට අනාවරණය කළේ අදාළ ලිපි ගොනුද මාධ්‍යයට ඉදිරිපත් කරමින්.
ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේදී ඇතුළුව අවස්ථා ගණනාවකදී රසායනික පොහොර ආනයනය තහනම් කරන බව පැවසූවා. එසේ තිබියදී දැන් අපිට තොරතුරු ලැබිලා තිබෙනවා ජූලි මාසේ 09 වැනිදා කොළඹ වරායට යූරියා මෙට්‍රික් ටොන් 10,000ක් ගෙනත් තිබෙනවා කියලා. අපි දැනගන්න කැමතියි ජනාධිපතිවරයා දන්න කියන යම් යම් සමාගම්වලට රසායනික පොහොර ආනයනය කරන්න අවසර දීලා තිබෙනවාද කියලා. අපි දැනගන්න කැමතියි ජනාධිපතිවරයා තවමත් රසායනික පොහොර ආනයනය තහනම්කරන තීන්දුවේ ඉන්නවාද කියලා. මේ අවසරය දීලා තිබෙන්නේ කවුද? මොකද මේ යූරියා මෙට්‍රික් ටොන් 10,000 ලංකාවට ගෙනල්ල තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රේගු වාර්තා තිබෙනවා.” යනුවෙන් පැවසීය.
පොහොර ගෙන්වීමට අදාළ ලේඛණය පහතින්….

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අප්‍රේල් මාසයෙන් පසු රසායනික පොහොර කිසිවක් මෙරට ආනයනය නොකළ බව සපථ කරමින් කියා සිටියා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට