Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාර්ලිමේන්තු එනවට වඩා වැදගත් වැඩත් මැති ඇමතිලාට තියනවා – ඇමති කෙහෙළිය

ඔව් මම නීති උපදෙස් ගත්තා, මුදලාලිලාට ඕන දේවල් කරන්න දෙන්නේ නැහැ – සිරස මාධ්‍ය වාරණ කතාවටත් පිළිතුරු දෙයි

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සැමවිටම පාර්ලිමේන්තුවේ රැඳී නොසිටින බවත් වෙනත් වැදගත් වැඩ අතරතුර පාර්ලිමේන්තුවට ද සහභාගි වන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිරස මාධ්‍ය ආයතනයේ විකාශක බලපත්‍රය අහෝසි කිරීම සම්බන්ධයෙන් රජයේ පාර්ශවය නීතිඥවරුන් හරහා උපදෙස් ලබාගෙන ඇති බවට සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රඹුක්වැල්ල අමාත්‍යවරයා අවධාරණය කළේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමාට අදාල ප්‍රශ්න යොමු කලේ නම් ඒ සඳහා පැහැදිලි පිළිතුරු ලබාදීමට ඉඩ තිබූ බවයි.

නමුත් පාළු ගෙයි බිඳිමින් කටයුතු කිරීමට පක්ෂ කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් බව ද ඔහු සඳහන් කළා.

මෙරට ප්‍රබලම නීතිඥවරුන් ගෙන්වා මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකල බවද පිළිගත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය නිදහස සහ නීතිය එකිනෙක පටලවා නොගත යුතු බවද අවධාරණය කළා.

කිසිදු පාර්ශ්වයකට වල් බොරු ලෙස නිදහස භුක්ති විඳීමට ඉඩකඩ ලබා නොදෙන බවත් ඒ සම්බන්ධයෙන් සහ ඊට එරෙහිව දිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී අවධාරණය කළා.

ඒ මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

About The Author