ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ ගිය බව පවසමින් මෙරට ප්‍රධානතම ගෑස් සැපයුම සමාගම් දෙක වන ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය වෙනුවට නියමිත බර අඩු කරමින් කිලෝ ග්‍රෑම් 9.5 කින් යුතු කියන සිලින්ඩරයක් ලීටර් 18 premium hybrid ලෙස නම වෙනස් කරමින් හඳුන්වාදීමට පියවර ගනු ලැබුවා.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධාන රැසක් මේ සඳහා සිය විරෝධය පළ කළ අතර ඔවුන් පෙන්වා දුන්නේ අදාල සමාගම විසින් මෙම නව හඳුන්වාදීම හරහා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400 කින් පමණ ඉහළ නංවා ඇති බවයි.
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පැමිණිලි කරනු ලැබුවද මේ දක්වා පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් සිදුකර ඇති මෙම ගෑස් සිලින්ඩර ඉවත් කිරීමක් නම් සිදු වුයේ නැහැ.
තත්ත්වය මෙලෙස පවතිද්දී ගෑස් සමාගම් වෙළඳපොළට අලුතින් හඳුන්වා දී ඇති ලීටර් 18 ගෑස් සිලින්ඩර සඳහා රුපියල් 1150ක උපරිම සිල්ලර මිලක් නියම කිරීම කෙරෙහි වෙළෙඳ අමාත්‍යාංශය අවධානය යොමු වී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මෙතෙක් කලක් අදාළ සමාගම් විසින් පාරිභෝගිකයන්ට වංචාවක් සිදුකර ඇති බව රජය පිළිගෙන ඇති අතර එය නිවැරදි කිරීම සඳහා මෙම තීරණය ගනු ලබන බවයි පෙනෙන්නට තිබෙන්නේ.
ඊට අදාළ කැබිනට් සංදේශයක් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට තිබෙනවා.
දැනට මෙම නව ගෑස් සිලින්ඩර අලෙවි කෙරෙන්නේ රුපියල් 1400 ක පමණ මිලකටයි.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පෙන්වා දී තිබෙන්නේ මෙම නව ගෑස් සිලින්ඩරය හඳුන්වා දීම හරහා අදාල ගෑස් සමාගම් පාරිභෝගිකයා නොමඟ යවා ඇති බවයි.
ඒ අනුව මාස තුනකට ආසන්න කාලයක් අදාළ සමාගම් විසින් පාරිභෝගිකයන් නොමඟ යවමින් මෙම ගෑස් සිලින්ඩර අලෙවියේ නිරත වුණා.
එබැවින් මෙම නව ගෑස් සිලින්ඩරය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙසත් ,එහි ගෑස් ප්‍රමාණය ලීටර වලින් නොව බර අනුව සඳහන් කරන ලෙසත් ඇමතිවරයා ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙතෙක් කලක් අදාල ගෑස් සිලින්ඩර මිලදී ගැනීම හරහා පාරිභෝගික ජනතාවට සිදු වූ අලාභය පියවා ගැනීම පිළිබඳ නම් කිසිදු අවධානයක් යොමු වූ බවක් නම් වාර්තා වන්නේ නැහැ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට