පිලියන්දල මොරගහහේන මාර්ගය ආසන්නයේ පිහිටි වෙළඳසැලක් ඉදිරිපිට සිවිකර තිබෙන නාමපුවරුවක් ගලවා ඉවත් කරන ලෙසට අවස්ථා තුනකදී පැමිණ බලපෑම් කළ බව එම වෙළදසැළේ හිමිකරු සමාජමාධ්‍ය වෙත වීඩියෝ පටයක් මුදා හරිමින් පවසා තිබෙනවා.
128 පිළියන්දල – මොරගහහේන බස් මාර්ගයේ ඔස්සේ ජනාධිපතිවරයා ගමන් ගන්නා බැවින් එය දෙපස පිහිටි වෙළඳසැල්වල නාම පුවර මෙලෙස ගලවා දමන ලෙසට බලපෑම් කර ඇත්තේ මාර්ගය දෙපස ඇති අවලස්සන දර්ශන ජනාධිපතිවරයාට දර්ශනය වීම වැළැක්වීමට බව එම ස්ථානයට පැමිණි නිලධාරින් පවසා තිබෙනවා.
හොරණ ප්‍රාදේශීය සභවේ, සිවිල් ආරක්ෂක බලකායේ මෙන්ම ජනාධිපති ආරක්ෂක අංශයේද පනහක පමණ පිරිසක් මාර්ගය දෙපස පෞද්ගලික ව්‍යාපාරික ස්ථානවල නාමපුවරු මෙලෙස ඉවත් කර ඇති අතර අවමංගල දැන්වීම් පවා ඉවත් කර ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.
මේ පිළිබඳව සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් මුදාහරිමින් අදාළ පවසන්නේ මේවා සක්කිලි ජරා වැඩ ලෙසයි.
“දුප්පත් මිනිස්සුන්ට සෙත හදන්න ඇවිල්ල මොනවද මේ කරන අසාධාරණ? හොරණ ප්‍රාදේශීය සභාවෙන්, සිවිල් ආරක්ෂක බලකායෙන්, ජනාධිපති ආරක්ෂක අංශයෙන් පනහක් විතර ඇවිල්ල පාර සුද්ද කරනවා. දැන් තුන්පාරක් ඇවිල්ල කියලා ගියා බෝර්ඩ් එක ගලවන්න කියලා. ලයිට්කණු වල තියෙන මරණ දැන්වීම් ගලවනවා. දුප්පත් මිනිස්සුන්ට ගහන්න එපා මේ විදියට. දුප්පත් මිනිස්සුන්ව මාර්කට් කරල ලොකු පුටුවලට ඇවිත් දුප්පත් මිනිස්සුන්ට ගහන්න එපා මේ විදියට. මේ දේශපාලනය නෙවෙයි කතා කරන්නේ. අහිංස මිනිස්සුන්ගේ ඡන්දෙන් බලයට පත්වෙලා ඔබතුමාලා ජෙට් එකක් වගේ මෙතනින් සුඛෝපභෝගී වාහනයක යනකොට දුප්පත් මිනිහගේ එළවළු විකුණන බෝර්ඩ් එක, තැඹිලි විකුණන බෝර්ඩ් එක, බුලත්විට විකුණන බෝර්ඩ් එකද මේ රටේ තියෙන ප්‍රශ්නේ මේව සක්කිලි වැඩ. ජරාවැඩ” යනුවෙන් ද ඔහු පවසනවා.
© මුලාශ්‍රය – Lanka Truth
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?