Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මෝටර් රථයක් කුඩුපට්ටම් කළ නුගේගොඩ දුම්රිය අනතුර – CCTV දර්ශන

නුගේගොඩ දුම්රිය ස්ථානයම අසලම ඇති කිරුලපන පුර්වාරාම දුම්රිය හරස් මාර්ගයේදී පසුගියදා (06) වෙනිදා පස්වරුවේ දුම්රිය අනතුරක් සිදුව තිබෙනවා.

නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් අදාළ ගේට්ටුව වැසීම සඳහා අවශ්‍ය පණිවුඩය ගේට්ටු ක්‍රියාකරුට ලබානොදීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් අදාළ දුම්රිය, දුම්රිය හරස් මාර්ගයට සමීප වන තෙක්ම ඒ හරහා රථවාහන ගමන් කරනු දක්නට ලැබෙනවා.

අනතුරට පත්වූ මෝටර් රථයේ කාන්තවන් දෙදෙනෙකු ගමන් කර ඇති අතර සිද්ධියෙන් ඔවුන්ට බරපතල තුවාල කිසිවක් සිදුව නැහැ.නමුත් ඔවුන් දෙදෙනා දැඩි කම්පනයකට ලක්ව සිටීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුරින් මෝටර් රථයට බරපතල අලාභ සිදු වී  ධාවනයට නුසුදුසු තත්ත්වයට පත් වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

වාර්තා වන අන්දමට දුම්රිය ළංවත්ම දුම්රිය හරස් මාර්ගයේ ඔස්සේ ධාවනය වූ මෝටර් රථයේ එන්ජිම ක්‍රියාවිරහිත වී තිබෙනවා.

කෙසේ නමුත් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට පැමිණෙන විට ඒ හරහා වාහන ගමන් කරමින් තිබෙනු දුටු දුම්රිය රියදුරු මහතාද දුම්රියේ තිරිංග ක්‍රියාත්මක කර ඇති අතර ඒ හේතුවෙන් සිදුවන්නට ගිය මහා ඛේදවාචකයක් වැලකි ගොස් ඇති බවයි පැවසෙන්නේ.  

About The Author