Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මුතුරාජවෙල රැකගැනීමට ගිය ජනතා විමුක්ති පෙරමුණේ මහින්ද ජයසිංහත් පොලිස් අත්අඩංගුවට

මුතුරාජවෙල තෙත්බිම් ගොඩ කිරීමට එරෙහිව විරෝධතාවයක නිරත වු ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඇතුලූ දෙදෙනකු පමුණුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණය නියෝගවලට පටහැනිව සහ නීරෝධායන නීති උල්ලංඝනය කර විරෝධාතාවේ නිරත වීම ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

අද දහවල් ජාඇල නගරය ආසන්නයේ දී පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබු අතර නිරෝධායන නීති කඩකළ බවට චෝදනා කරමින් අද දිනය තුළ පමණක් ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුම පොලිස් අත්අඩංගුවට පත්වීම විශේෂත්වයක්.

About The Author