සෞඛ්‍ය නීති රීති කඩකරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග කර සිටි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු පොලිසියට භාර වී තිබෙනවා.
මොවුන් බෝගහකුඹුර පොලීසිය වෙත පැමිණ අද (07) පෙරවරුවේ භාරවීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
ජුලි 01 වනදා බෝගහකුඹුර පොලිස් වසමේ බොරලන්ද නගරයේ ගොවි උද්ඝෝෂණක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලට අදාළව සිදුකර තිබෙනවා.
රට පුරා නිර්මාණය වී ඇති පොහොර හිඟයට වහා මැදිහත්වන ලෙසත් ගොවියන්ගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් පවසමින් දිගින් දිගටම ප්‍රදේශ රැසකදී මෙම ගොවි උද්ඝෝෂණ පැවැත්වුණේ රජයට විරෝධය පළකරමින්.
අත්අඩංගුවට පත් සැකකරුවන් අද වැලිමඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.
206688