Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනමාධ්‍ය නිදහසේ හතුරෙකු ලෙස ජනපතිගේ ගෝඨාභයගේ නමත් ජාත්‍යන්තර ලැයිස්තුවක

ජනමාධ්‍ය නිදහසට මහත් හතුරුකම් කරන රාජ්‍ය නායකයන් “මාධ්‍ය නිදහසේ නාශකයෝ” ලෙස නම් කරමින් ජාත්‍යන්තර ආයතනයකින් නිකුත් කර ඇති නවතම ලැයිස්තුවක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නමද සඳහන් ව තිබෙනවා.

පැරිසිය මුලස්ථාන කොටගත් “දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ” (RSF) විසින් 2021 වසර සඳහා සම්පාදනය කරන ලද නාම ලේඛනයේ රාජ්‍ය නායකයන් 37 දෙනෙකු ජනමාධ්‍යයට හතුරු පාලකයින් ලෙස දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් කර තිබෙන්නේද එම ලැයිස්තුවටයි.

ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ ආරක්ෂක ලේකම් ලෙස සිටි සමයේ කරන ලද ක්‍රියා හෝ දැන් ජනාධිපති ලෙසින් කරගෙන යන කටයුතු නිසා හෝ බියවැදී සිටින ජනමාධ්‍ය වේදීන් “රැකියාව කරනවාද, නැතිනම් පන රැකගන්නවාද” යන භයංකර උභතෝකෝටිකයට මුහුණ දී සිටින බවට අනතුරු අඟවන RSF සංවිධානය දෙමළ හෝ මුස්ලිම් ජනතාව මුහුණපා සිටින තත්වය සම්බන්ධයෙන් වාර්තා කිරීම අනතුරුදායක ක්‍රියාවක් වී ඇති බව ද එම වාර්තාව මගින් පවසනවා.

“ඝාතනය කරන ලද වෘත්තීය සගයන් ගණනාවකගේ අවතාර සමග ජීවත් වන්නට ඔවුන්ට (මාධ්‍යවේදීන්ට) සිද්ධ වී ඇති අතරම මාධ්‍යවේදීන්ට එරෙහිව කරන ලද ප්‍රචණ්ඩ අපරාධ සඳහා සලසා දී ඇති දණ්ඩ මුක්තිය හේතුවෙන් කිසිදා එම අපරාධයන්ට සාධාරණ යුක්තියක් ඉටු නොවන වට පිටාවක් නිර්මාණය වී ඇති බවද එම සංවිධානය පෙන්වා දෙනවා.  

gota predator

  “පවතින පසුබිම යටතේ, ශ්‍රී ලංකාවේ දෙමළ හෝ මුස්ලිම් හෝ සුළුතර ප්‍රජාවන්ගේ තත්වය වැනි සංවේදී කාරනා සම්බන්ධ ගවේශනාත්මක වාර්තාකරණය අතිශයින් අනතුරුදායක බව පෙනී යයි. ඒ අවදානම ගැනීමට පෙළඹෙන්නෝ අන්තරාය දෙකකට මුහුණ පා සිටිති. එකක් නෛතිකය. පොලිසිය වරෙන්තුවක් සමග ඔවුන් අත් අඩංගුවට ගැනීමට පැමිණීමට ඉඩ තිබේ. අනික ශාරීරිකය. ඔවුන්ට මරණ තර්ජනවලට ලක්වීමේ ඉඩකඩක් පවතින අතර ඒ ගැනපැමිණිලි කිරීමට උත්සාහ කළොත් පොලිසිය එය භාර ගැනීම ප්‍රතික්ෂේප කරනු ඇත. කවරාකාරයෙන් ගත්තත්, ත්‍රස්තය යලි පැමිණ ඇත” යනුවෙන්ද RSF සංවිධානය සදහන් කර තිබෙනවා.

ජනමාධ්‍යවේදීන්ට ‘නරක’ රටක් ලෙස RSF විසින් ලෝක සිතියමේ රතු පාටින් ලකුණු කර ඇති ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් රටවල් 180ක් අතරින් සිටින්නේ 127 වැනි ස්ථානයේයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට අමතරව රුසියාව,චීනය,ඉන්දියාව,පිලිපීනය,සෞදි අරාබිය,උතුරු කොරියාව,ඉරාකය,බෙලරුසියාව ඇතුළු රටවල් රැසක ජනාධිපතිවරුන් ද නම් කර ඇත්තේ මාධ්‍ය නිදහසට හතුරු පාලකයින් ලෙසයි.  

Freedom of press worldwide
cp predateurs last last

© මුලාශ්‍රය – https://rsf.org/en

About The Author