පොදුජන පෙරමුණ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය මන්ත්‍රී ධුරය පුරප්පාඩු කිරීම සඳහා ඉදිරිපත් වී ඇත්තේ දැනට පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් හොබවන ජයන්ත කැටගොඩ මහතායි.
ජයන්ත කැටගොඩ මහතා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබෙනවා.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා අදාල මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දෙනු ඇති අතර එදිනම බොහෝ විට ඔහුට ආර්ථික සංවර්ධනය පිළිබඳ කැබිනට් අමාත්‍යධුරය හිමිවනු ඇති.
මීට අමතරව අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් හොබවනු ලබන මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයද බැසිල් රාජපක්ෂ මහතා වෙත ලබාදීම සඳහා අවධානය යොමු වී ඇති බව සඳහන්.
මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස් වූ ජයන්ත කැටගොඩ මහතාටද රජයේ ප්‍රබල තනතුරක් හිමිවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන තොරතුරු වාර්තා කරන ආකාරයට නුදුරේදීම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ද සිදු වීමට නියමිතව තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට