බලපත්‍රය අත්හිටුවා තිබූ අර්ජුන් ඇලෝසියස්ගේ මැන්ඩිස් අරක්කු සමාගමට නැවත මත්පැන් නිෂ්පාදනය සඳහා අවසරය දිමට මුදල් අමාත්‍යංශය එකඟවූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසනවා.
කෙසේ වෙතත් එම හිඟ මුදල වසර දෙකක් තුල ආපසු පියවීමේ එකඟතාවය මත අර්ජුන් ඇලෝසියස් මහතාට අදාළ සමාගමට නැවත විවෘත කිරීමටත් මත්පැන් නිෂ්පාදනය කිරීමටත් මුදල් අමාත්‍යංශයේ එකඟතාව මත අවසරය ලබා දුන් බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මහ බැංකු බැදුම්කර ගණූදෙනුවේ ප්‍රධාන චුදිතයෙකු වන අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ඩබ්ලිව්.එම්.මැන්ඩිස් සහ සමාගම රුපියල් බිලියනයකට වැඩි බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම නිසා එම සමාගමේ මත්පැන් නිෂ්පාදනය කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට පියවර ගැනුණේ පසුගිය යහපාලන සමයේදීයි.
2018 වසරේ පෙබරවාරි මාසයේ වැලිසර පිහිටි අදාළ කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගැනුණා.
මෙරට දේශීය නිෂ්පාදනයෙන් වැඩි පංගුවක් නිෂ්පාදනය කළ අදාල සමාගම වසා දැමීම හේතුවෙන් එහි තාවකාලිකව සේවය කළ සේවකයින්ගේ රැකියා අහිමි වූ අතර ස්ථිර සේවකයන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
එමෙන්ම එම කාල වකවානුවේදී අර්ජුන ඇලෝසියස් මහතාට අයත් සියලුම සමාගම්වල ගිණුම් ද අත්හිටුවා තිබුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට