මේ වනවිට සියලුම ප්‍රශ්න පශ්න මතුව ඇත්තේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හොඳ වැඩි නිසා බවත් එක කාක්කෙක් මරා දමා තට්ට එල්ලුවා නම් ඔක්කොම ප්‍රශ්න සුද්ද වන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා තිබෙනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළකර ඇත්තේ වයඹ මහ ඇල වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ ඊයේ (29) පැවති සාකච්ඡාවක් අතරතුරයි.
තිස්සමහාරාම වැව හෑරීමේ ව්‍යාපෘතිය සිදුකරගෙන යාමේදී ඊට විරුද්ධව ක්‍රියාකරන්නේද ආණ්ඩුවේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා..
රජය ව්‍යාපෘතියක් ආරම්භ කළ පසුව සියලුම අමාත්‍යාංශ එම ක්‍රියාව සමඟ එකට සිටගත යුතු බවත් මෙලෙම ඊට බාධා නොකළ යුතු බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙහිදී වැඩිදුරටත් පැවසු බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකශය සම්බන්ධයෙන් සමාජය තුළ සංවාදයක් ගොඩනැගී ඇති අතර ඇතැමුන් ඒ සඳහා විවිධ අර්ථකථන ලබා දීමට උත්සහ කරමින් සිටිනවා.
කාක්කන් මරා තටු එල්ලන්නේ ඇයි…?
ජනවහරේ පැවසෙන අන්දමට කාක්කන්ගෙන් ඇතිවන කරදර හා අපහසුතා වලින් වැලකීමට කාක්කෙකු මරා තටු එල්ලන්නේ අදාල ස්ථානයට කාක්කන්ගෙන් එල්ලවන කරදර වලක්වාගනු පිණිසය.
එසේ කාක් තටු එල්ලීමෙන් එම ප්‍රදේශයට කාක්කන් නොඑන බව පැරැන්නන්ගේ අදහසයි.
එල්ලා ඇති සංඥාවේ භයංකර බව එය දකින කාක්කන් වටහාගන්නා නිසායි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට