ජාතික ආරක්ෂාව තවමත් අනතුරක ඇති බව තමන්ට හැඟී යන්නේ යැයි කොළඹ අගරදගුරු පදවිය නියෝජනය කරන කමිටු සාමාජික සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කරනවා.
සිරිල් ගාමිණී පියතුමන් පවසන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ප්රමුඛ කාර්යයක් බව පවසමින් බලයට පත් වූ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට අද ඒ පිළිබඳ විමර්ශනය කිරීමේ උවමනාවක් නැති බව පෙනී යන බවයි.
එසේම නීතිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් ඇති බවට සිදු කළ අනාවරණය පිළිබඳවද සිහිපත් කළ සිරිල් ගාමිණී පියතුමන් පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු විමර්ශනයක් ආරම්භ වී නොමැති බවයි.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ අපරාධකරුවන් සහ එය මෙහෙය වූ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන තාක් ශ්‍රී ලංකාව තුළ නැවත වතාවක් එවැනි අපරාධයක් ඇතිවීමේ ඉඩකඩ පිළිබඳව බරපතළ අවදානමක් ඇති බවද උන්වහන්සේ පෙන්වා දුන්නා.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ජනතාව තමන් ගෙන් බලාපොරොත්තු වූ ප්‍රධාන කාර්යයක් බව ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදු කළ කතාවේදී ද සඳහන් කලද මේ වනවිට ඒ සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් නිර්මාණය වී ඇති බවද සිරිල් ගාමිණී පියතුමන්ව සඳහන් කළා.
එතුමන් මේ අදහස් පළ කළේ පසුගියදා (28) මීගමුව ශාන්ත ආනා දේවස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට