Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කැබිනට්ටුවේ තුන්වතාවක් කතා කළා, පොහොර නැති වීම ගැන සමාවෙන්න – අමරවීර කතා කරයි

ගොවිතැන් සඳහා පොහොර නොමැති වීම සම්බන්ධයෙන් තමන් ජනතාවගෙන් සමාව අයදින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මහ කන්නයේ සිට කාබනික පොහොර පමණක් යොදා ගැනීමේ ජනපති යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී යල කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග මෙරට පවතින බවට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශ කර තිබුණද පොහොර නොලැබීම හේතුවෙන් ගොවීන් රැසක් පීඩාවට පත්ව ඇති බව තමා පිළිගන්නා බවද ඔහු සඳහන් කරනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගියදා (27) හම්බන්තොට සිසිලසගම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පැවති අඩු පෝෂණය සහිත ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මලු ලබා දීමේ වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

” ඇත්තටම මේ ගොවි ජනතාවගෙන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය පිළිබඳව අපි කණගාටු වෙනවා. මම නම් ඇත්තටම මේ ගොවි ජනතාව නියෝජනය කරන ප්‍රදේශයේ කෙනෙක් විදියට පොහොර හිඟයට මුහුණ දී සිටින ගොවීන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. මොකද අපිට ඇත්තටම මේ කන්නයේ යම් පිරිසිකට ඒ කටයුත්ත කරන්න බැරිවෙලා තියෙන එක ගැන.

ජනාධිපතිතුමා රසායනික පොහොර ගෙන්වීම නැවැත්තුවේ මුලික අරමුණක් තිබුණා එළැඹෙන මාස් කන්නයේ ඉඳලා මේ කටයුත්ත සාර්ථක කරන්න පුළුවන් කියන අදහසින් තමයි එතුමා මේ නතර කිරීම කරේ. ඒ වෙලාවේ කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව අමාත්‍යංශය දැනුම් දුන්නේ යල කන්නයට ඇතිවෙන්න පොහොර තියෙනවා කියලා. නමුත් අවාසනාවකට එය යම් ප්‍රදේශයකට දෙන්න බැරිවුණා. ඒ ගැන තාමත් අපි කණගාටුවෙනවා. කැබනට් මණ්ඩලයේ 3 වතාවක් කතා කළා. තාමත් ඒ ගැන විසඳුමක් දෙන්න බැරි වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. ඒක පිළිබඳව නැවතත් කණගාටු වෙනවා.” 

About The Author