විදේශයන්හි සිට මෙරටට ඊයේ (27) දිනයේදී පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් 100 දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් මෙලෙස ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම බරපතළ තත්ත්වයක් යැයි ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.
මේ අයට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇත්තේ ඔවුන් මෙරටට පැමිණි පසු කළ පී.සී.ආර් පරීක්ෂණවලදී වීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට