Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තවත් මහාචාර්යවරියක් එන්නත් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

එන්නත්කරන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා එන්නත් සම්බන්ධ සෙසු විද්‍යාත්මක පරීක්ෂණ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා එම එන්නත් අනුමත කිරීම ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින් ස්වාධීන එන්නත් උපදේශන විශේෂඥ කමිටුවක් පත් කිරීමට පියවර ගනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව යමින්.

කෙසේ නමුත් එම කමිටුවට පසුගිය කාලයේ චෝදනා රැසක් ද එල්ල වුණා.

මේ අතර එම කමිටුවේ සාමාජිකත්වය දරමින් කටයුතු කළ ප්‍රජා වෛද්‍ය පීඨයට සම්බන්ධ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය එම සමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මීට සති දෙකකට පෙර කොළඹ උතුර (රාගම) වෛද්‍ය පීඨයට අනුබද්ධ මහාචාර්ය ඒ. පත්මේෂ්වරන් මහතාද එම කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි තිබුනත් ඉල්ලා අස් වී තිබුණා.

විශේෂඥ වෛද්‍යවරුන් වන ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය රජීව ද සිල්වා, වෛද්‍ය කාන්ති නනායක්කාර (වෛරස් විද්‍යා), මහාචාර්ය චන්න රණසිංහ (ශ්වසන වෛද්‍ය), ආචාර්ය ලක්කුමාර් ප්‍රනාන්දු (ළමා රෝග විශේෂඥ) සහ වෛද්‍ය හසිත තිසේරා (වසංගත රෝග විද්‍යා) යන මහත්ම මහත්මීන්ද මෙම කමිටුවට ඇතුළත් ව සිටියා.

මෙම කමිටුව විසින් ලොව බොහෝ රටවල එන්නත්කරන වැඩපිළිවෙල සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පිළිබඳව මනා අධ්‍යනයකින් පසු මෙරටට එන්නත් කරන වැඩපිළිවෙල සඳහා සිය නිර්දේශ ඉදිරිපත් කළ නමුත් අවසානයේ සිදුවූයේ එය විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතාවය පරිදි වෙනස් වීමට ලක්වීම බවටයි චෝදනා නැගුණේ.

විශේෂයෙන්ම මේ සඳහා අවස්ථාවාදී වෛද්‍ය සංගම් සහ දේශපාලඥයන්ගේ මැදිහත්වීම සිදු වූ බව නොරහසක්.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වාධීන විශේෂඥ කමිටුවේ සාමාජිකයෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුව (NACCD) දුන් උපදෙස් අනුව එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කළේ නම්, පසුගිය මාස කිහිපය තුළ සිදුවූ බොහෝ මරණ වළක්වා ගත හැකිව තිබූ බවයි.

© මුලාශ්‍රය – Lanka Truth

About The Author