Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සුරාවෙන් දවස් තුනට කෝටි 110 ක ආදායමක් – නමුත් ආදායම අඩකින් අඩුවෙලා ලු

සංචරණ සීමා ඉවත් කළ ඉකුත් 21, 22 සහ 23 තෙදින තුළ  ශ්‍රී ලංකා  සුරාබදු දෙපාර්තමේන්තුව දළ වශයෙන් රුපියල් කෝටි 110ක ආදායමක් උපයා ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධයක්ෂ ජනරාල් එම් ජී ගුණසිරි මහතා සඳහන් කරනවා.

කොවිඩ් ව්‍යාප්තිය නොමැති සාමාන්‍ය දිනවලදී දිනකට රුපියල් කෝටි 60ක 70 ක පමණ අදායාමක් උපයා ගත් බව කියා සිටි ඒ මහතා පසුගිය තෙදින තුළ දිනකදී උපයනු ලැබ ඇත්තේ ඉන් අඩක් පමණක් බවද සඳහන් කළා.

සංචරණ සීමා ඉවත් කළ ජුනි 21දා රුපියල් කෝටි 30ක් 22දා රුපියල් කෝටි 37ක් සහ 23 වනදා රුපියල් කෝටි 44ක්  වැනි අදායාමක් උපයා ඇති බවත් කියා සිටි ඒ මහතා සංචරණ සීමා ලිහිල් කළද අදායම් අඩුවක් දක්නට ලැබෙන බවත් එම ආදායම උපයනු ලැබුවේ නිෂ්පාදිත මත්පැන් සඳහා අයකරන බදු මුදල් වලින් බවත් පෙන්වා දුන්නා.

කොවිඩ් හේතුවෙන් මත්පැන් නිෂ්පාදනය ද නවතා තිබූ බව පවසූ ඒ මහතා ඉදිරි දිනවලදී මත්පැන් අලෙවිය වර්ධනය වනු ඇති බවද සඳහන් කළා.

සංචරණ සීමා පනවා තිබූ  මාසයකට ආසන්න කාලය තුළ මක්පැන් නිෂ්පාදනය සහ අලෙවිය සිදු නොවීමෙන් සහ මත්පැන් අලෙවිසල් මුද්‍රා තැබීමෙන් රජයට සිදු වූ පාඩුව රුපියල් කෝටි 1500 ක ට අධිකයි.

දිවයින පුරා සංචරණ සීමා පැනවීමත් සමග ඉකුත් මැයි මස 13 වැනිදා සිට මත්පැන් අලෙවිසල් වසා දැමුණු අතර ඔන්ලයින් ක්‍රමවේදයන්ට අනුව මත්පැන් අලෙවි කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීම් සිදු කර තිබුණද ඒ සදහා අවසර හිමි නොවුු අතර ඉකුත් 21 වනදා අවසරලත් මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමට අවසර හිමිවුණා.

About The Author