අදාළ කිසිදු ආයතනයකින් අවසරයක් ලබා නොගනිමින් චීනයේ මැදිහත් වීම මත සිදුකරන ලද මුහුදු කූඩැල්ලන් වගා කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා
කිලිනොච්චිය පුනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පූවරසන් දූපත තුළ මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමක් විසින් බවයි වාර්තා වන්නේ.
මේ වනවිටත් අදාළ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර මුහුදු කූඩැල්ලන් බෝ කිරීමේ කටයුතු ද සිදුවෙමින් පවතින බවයි වාර්තාවන්නේ.
මෙහි බරපතලම කරුණ වන්නේ ප්‍රදේශයේ ජනතාව අවස්ථා ගණනාවක දීම තමන්ගේ ජීවනෝපාය සරි කර ගැනීම සඳහා මෙම ප්‍රදේශයේ මුහුදු කුඩැල්ලා බෝ කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අවසර ඉල්ලා ඇතත් ඔවුන්ට එම අවසරය හිමි නොවූ පසුබිමක චීනයට සම්බන්ධ මෙම සමාගමට එම අවසරය හිමි වීමයි.
මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවද නොසන්සුන්තාවයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.
ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය ද මේ පිළිබඳව කිසිදු තොරතුරක් දැන සිට නැහැ.
කෙසේවෙතත් ලද තොරතුරු අනුව මෙම නීති විරෝධී ව්‍යාපෘතිය පිළිබඳ ඔවුන් විසින් ස්ථානීය පරීක්ෂාවක් සිදුකර ඇති අතර වහාම එම ව්‍යාපෘතිය නතර කරන ලෙස ද අදාල ආයතනයට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට