Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජරමර බර බර මැද ගුවන් විදුලියේ මහ පුටුවට හඩ්සන් – එන දවසේම බාල්දියක්

මෙරට ගුවන් විදුලිය මහා ගෙදර වන ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ සභාපති ධුරය සඳහා ප්‍රවීණ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා පත් කිරීමට තීරණය කර ඇති බව මේ වන විට විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද හඩ්සන් සමරසිංහ මහතා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය මෙන්ම සභාපති ධුරය ඇතුළු තනතුරු රැසක් හොබවා තිබෙනවා.

ප්‍රවීණ සහ ප්‍රකට මාධ්‍යවේදියකු වන හඩ්සන් සමරසිංහ මහතා වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ මාධ්‍යවේදියකුට වඩා එහා ගිය විචාරාත්මක අදහස් ඉදිරිපත් කරන්නෙකු ලෙසයි.

පසුගිය දිනවල ජනපතිවරයා ඇතුළු රජයේ ක්‍රියාකලාපයද ඔහු දැඩිව විවේචනය කළා.

ඒ පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක උදෑසන වැඩසටහනකට එක්වෙමින්.

කෙසේ වෙතත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ගුවන් විදුලි සංස්ථාවට සභාපතිවරුන් කිහිපදෙනකුම වරින්වර පත්කෙරුණු අතර මේ වන විට එම ධුරයේ කටයුතු කරන්නේ ජයම්පති හීන්කෙන්ද මහතායි.

එමෙන්ම අධ්‍යක්ෂ ජනරාල් ධුරය චන්ද්‍රපාල ලියනගේ මහතා විසින් දරනු ලබනවා.

ගුවන් විදුලි සංස්ථාවේ සේවකයින් චෝදනා කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත නොකරන ලද ද විධායක ශ්‍රේණියේ පත්වීම් 150 මේ වන විට නීති විරෝධී අයුරින් ලබාදීම සඳහා කටයුතු සූදානම් වෙමින් පවතින බවයි.

හඩ්සන් සමරසිංහ මහතා සභාපතිවරයා ලෙස වැඩ භාර ගත් පසු ඔහුගේ අතින් මෙම පත්වීම් ප්‍රදානය කිරීම සඳහා සැලසුම් කර තිබෙනවා.

සෙනසුරාදා දිනය වූ අද (26) දිනයේ ද කාර්යාල කටයුතු සඳහා සේවකයන් ගෙන්වා ගනිමින් මෙම නීතිවිරෝධී පත්වීම් ලිපි සකස් කිරීමේ කටයුතු සිදු කරන බව සේවකයින් පවසනවා.

මෙය ගුවන් විදුලි ඉතිහාසයේ බරපතල කළු පැල්ලමක් වනු ඇති බවත්, සුදුස්සන් සිටියදී සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයින් තනතුරු වලට පත්කරමින් දේශපාලන උවමනාවන් ඉටු කර ගැනීමෙන් ගුවන්විදුලි සංස්ථාව සම්පූර්ණයෙන්ම කඩා වැටීමට ලක් වනු ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

හඩ්සන් සමරසිංහ මහතා වැනි ගුවන් විදුලියෙන්ම බිහි වූ පුද්ගලයෙකු ලවා එහි මලගම සිදුකිරීමට වත්මන් පාලකයන්ට උවමනා වී ඇති බවත්, හඩ්සන් සමරසිංහ මහතා එම කටයුත්තට කෙසේ දායක වන්නේදැයි තමන් අවධානයෙන් යුක්තව බලා සිටින බවත් සංස්ථාවේ සේවකයින් සඳහන් කරනවා.

About The Author