Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දුමින්ද සිල්වාත් නිදහස්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු බවට පත්ව මරණ දණ්ඩනය නියම වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ අද දින නිදහස් කර තිබෙනවා.

බන්ධනාගාර ආරංචිමාර්ග මේ බව අප වෙත තහවුරු කළා.

2016 වසරේ සැප්තැම්බර් මාසයේදී දුමින්ද සිල්වා මහතාට මරණ දණ්ඩනය නියම කෙරුණා.

එහිදී මරණිය දණ්ඩනය පැනවීමට අදාළව මහාධිකරණය ලබාදුන් නියෝගය අභියෝගයට ලක් කරමින් දුමින්ද සිල්වා මහතාගේ නීතිඥවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද නැවත වතාවක් ඔහුගේ මරණ දණ්ඩනය තහවුරු කරනු ලැබුවා.

නමුත් පසුව රන්ජන් රාමනායක මහතාගේ හඬපට සිදු වීම හරහා දුමින්ද සිල්වා මහතාට යම් ආකාරයක දේශපාලන පළිගැනීමක් සිදුකර ඇති බවට ද කතාබහක් සමාජයේ නිර්මාණය වූ අතර යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ ජනාධිපති කොමිසමේදී ද මෙම කාරණාව විභාගයට ගැනුණා.

එහි නිර්දේශය වුයේ දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කිරීමට සහ බොරු ගෙතු රන්ජන් රාමනායක, රහස් පොලිසියේ හිටපු ප්‍රධානි ශානි අබේසේකර ,මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක යන මහත්ම මහත්මීන්ට විරුද්ධව නඩු පැවරිය යුතු බවටයි.

අද දහවල් ඒ මහතා නිදහස් කිරීමට නියමිතව ඇති බවට ලැබුණු ආරංචිය මත එම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් රැසක් ද මේ වන විට බන්ධනාගාරය අසලට පැමිණෙමින් සිටිනවා.

සබැඳි පුවත – දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් ! බොරු ගෙතුවාට රන්ජන්ට, ශානිට , පද්මිණී ට, පොලිසියට නඩු ! – ජනපති කොමිසම තීරණ සහ නිර්දේශ ලබා දෙයි

About The Author