එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් බලපෑමට ලක්ව මියගිය බවට සැකකරන කැස්බෑවන්ගේ ඩොල්ෆින් සත්ත්වයින්ගේ මරණ පරීක්ෂණ සිදුකල වෛද්‍යවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
අදාළ මරණ සම්බන්ධ ඉදිරි විමර්ශන රසායනාගාර වාර්තා නිකුත් වීමෙන් පසු සිදුකෙරෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ වනවිට කැස්බෑවුන්ගේ සිරුරු 50 ට අධික ප්‍රමාණයක් වෙරළට තීරයට ගොඩ ගසා ඇති අතර ඔවුන් අතර වදවී යන කැස්බෑ වර්ග රැසක්ද සිටින බවයි වාර්තාවන්නේ.
එමෙන්ම ඩොල්ෆින් සත්වයින් 20කට වඩා වැඩි ප්‍රමාණයක මළසිරුරු මෙන්ම එක් තල්මසෙකුගේ සිරුරක්ද මේ වන විට වෙරළට ගොඩ ගසා තිබෙනවා.
ඒ වාර්තාවන මත්ස්‍යයින් සහ සහ සෙසු සාගර ජීවීන්ගේ මරණ දහස් ගණනට අමතරවයි.
මෙලෙස මියගොස් වෙරළට ගොඩ ගසන සතුන් සම්බන්ධයෙන් සිදු කෙරෙන ඉදිරි විමර්ශන සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ සහායද ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට