ගම්පහ දිස්ත්‍රික්කයේ එම මාර්ගයේ ඉදිකිරීම් සැලැස්ම යළි සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹෙන තුරු ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් තාවකාලික ව අත්හිට වු බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා.
මහජන අදහස් හා මහාමාර්ග හා වාරිමාර්ග ඉංජිනේරුවරුන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් අවශ්‍ය වුවහොත් අදාළ සැලැස්ම සංශෝධනය කිරිමට රජය සුදානම් බවත් ඒ අනුව අදහස් ලබාගැනීම මේ අනුව සිදු වන බවත් පවසන රණතුංග මහතා මෙම සැලැස්ම සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹීම ඉදිරි සති දෙක තුළ සිදු කෙරෙන බව ද පෙන්වා දෙනවා.
පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාපතනයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍ර දේශ ගණනාවක් ජලයෙන් යට වූ අතර මෙම යටවීමට එක් හේතුවක් වූයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් බවට චෝදනාඑල්ල වුණා.
ඒ අනුව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (12) ගම්පහ සහ අත්තනගල්ල ප්‍ර දේශ වල මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ජලයෙන් යට වු ප්‍ර දේශ නිරීක්ෂණය කළ අතර මහජන අදහස් ද විමසා බැලීමට කටයුතු කර තිබෙනවා.
ගම්පහ රත්මල්විට ප්‍රදේශයේ වෙල් යායක් හරහා ඉදිකර ඇති අධිවේගී මාර්ගයේ සැපයුම් මාර්ගය නිරීක්ෂණයට එහි ගිය ඇමතිවරයාට ප්‍ර දේශවාසීන් පෙන්වා දුන්නේ එම ප්‍ර දේශය යට වීමට හේතුව සැපයුම් මාර්ගය හේතුවෙන් ජලය බැස නොයාම බවයි.
එහි ඉදිකිරීම් සිදු කළ ඉංජිනේරුවරුන්ට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ ද එය සැලකිල්ලට නොගත් බව ද ජනතාව විසින් පෙන්වා දී තිබෙනවා.
ඉඩම් ගොඩකීරිමේ සංස්ථා නිළධාරීන් එම ප්‍රදේශ ජලයෙන් යටවීම සම් න්ධයෙන් ලබා දී ඇති වාර්තා අසත්‍ය බවත් මේ ඉදිකිරීම් කවදුරටත් සිදු වුවහොත් ගම්පහ නගරය ජලයෙන් යට වීම වැලැක්විය නොහැකි බවත් මෙහි දී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
අත්තනගල්ල ප්‍රදේශයේ තල්ගස්මොටේ හා මැදවත්ත ප්‍ර දේශ වල ඉදිකර ඇති සැපයුම් මාර්ගය ද එහි කුඩා පාළම ද මෙහි දී ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.
මැදවත්ත ප්‍රදේශවාසීන් මෙහි දි ඇමතිවරයාට පෙන්වා දී ඇත්තේ එම ප්‍රදේශය දෙකඩ කරමින් පස් කදු මත ඉදිකෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගය තාවකාලික සැපයුම් මාර්ගයක් බව තමන් විශ්වාස කළ බවයි.
මේ නිසා ඊට විරෝධය පළ නොකර බවත් මේ ඉදිවෙමින් පවතින්නේ ස්ථිර අධිවේගී මාර්ගය බව තමන් දැනගත්තේ මෑතක දී බව ද පවසා තිබෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් පෙන්වා දුන්නේ මෙම ප්‍රදේශයේ දී කණු මත අධිවේගී මාර්ගය ඉදිකිරීම සැලසුම් කර තිබුණ ද පසුගිය රජය යටතේ එය වෙනස් වූ බවයි.
ජනතාව පීඩාවට පත්වන ආකාරයෙන් රට සංවර්ධනය කර ඵලක් නැතැයි මෙහි දී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍ර දේශවල කණු මත ඉදිකිරීමට සැලසුම් කර තිබු මධ්‍යම අධිවේගී මාර්ගය වියදම වැඩි බව කියමින් යහපාලන ආණ්ඩුව එය සංශෝධනය කළ බව පවසා තිබෙනවා.
ගම්පහ මෑතක දී ඇති වු ගංවතුර තත්ත්වයට මධ්‍යම අධිවේගී මාර්ගය හේතුවක් නම් ඊට සම්පූර්ණයෙන් ම වගකිව යුත්තේ අදාළ සැලැස්ම වෙනස් කළ යහපාලන ආණ්ඩුව බව ද ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙහි දී සදහන් කර තිබෙනවා.
ගම්පහ, අත්තනගල්ල හා මීරිගම මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් මේ වන විටත් ජනතාවගේ සහ ඉංජිනේරුවරුන්ගේ අදහස් ලබා ගනිමින් තිබෙන බව පැවසු ඇමතිවරයා ඒ අනුව අදාළ සැලැස්ම සංශෝධනය කර නැවත අධිවේගී මාර්ගය කණු මත ඉදිකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන බව ද එහිදී පවසා තිබෙනවා.
ඒ සදහා අමතර පිරිවැයක් දැරීමට වුවද ආණ්ඩුව ඒ සඳහා සුදානම් බව පැවසු ඇමතිවරයා රටකට අධිවේගී මාර්ග අවශ්‍ය බවත් ඒ හේතුවෙන් ජනතාව පීඩාවට පත් විමට ඉඩ නොදීම රජයේ ප්‍රතිපත්තිය බවත් අවධාරණය කර ඇති අතර එතෙක් තව කාලිකව අදාළ ඉදිකිරීම් නතර කිරීමට තීරණය කරන බව සඳහන් කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට