Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ නංවයි – විපක්ෂය අතීතය මාර්කට් කරයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඉන්ධන මිල ගණන් වැඩි වන ආකාරය

පෙට‍්‍රල් ඔක්ටේන් 92 – රුපියල් 20කින් – ලීටරයක නව මිල රුපියල් 157
පෙට‍්‍රල් ඔක්ටේන් 95 – රුපියල් 23කින් – ලීටරයක නව මිල රුපියල් 184
ඔටෝ ඩීසල් – රුපියල් 07කින් – ලීටරයක නව මිල රුපියල් 111
සුපර් ඩීසල් – රුපියල් 12කින් – ලීටරයක නව මිල රුපියල් 144
භූමිතෙල් – රුපියල් 07කින් – ලීටරයක නව මිල රුපියල් 77

රජය සඳහන් කරන්නේ ලෝක වෙළඳපොළ තුළ වැඩිවන ඉන්ධන මිල ගණන් දරාගැනීමට රජයට නොහැකි බැවින් මෙම තීරණය ගත බවයි.

විපක්ෂ නායකගෙන් face book සටහනක්

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ කණ්ඩායම් විසින් සිය අප්‍රසාදය පළකර ඇති අතර පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගය පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් සිය face book පිටුවේ සටහනක් තබා තිබෙනවා.

උපුටා ගැනීම

එජාපයෙන් මාධ්‍ය නිවේදනයක්

ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

උපුටා ගැනීම

එජාපය පවසන්නේ පසුගිය ආණ්ඩුව විසින් හඳුන්වා දුන් ඉන්ධන මිල සුත්‍රය අවලංගු කොට අදුරදර්ශි ලෙස වත්මන් ආණ්ඩුව ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පීඩාව මෙරට ජනතාවට විඳීමට සිදු වූ බවයි.

About The Author