Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාවේ දේශපාලඥ‌යෙක් තම පුද්ගලික මුදලින් ජනතාවට ඔක්සිජන් දෙයි

ජනතාවගෙන් අය කරගන්නා බදු සහ දඩ මුදල් මුදල් මෙන්ම පරිත්‍යාග ලෙස ලද මුදල් සහ ද්‍රව්‍ය ගෙදරින් ගෙන ආවා සේ ජනතාවටම ලබා දෙමින් මහා සංදර්ශන පැවැත්වීම මෙරට බොහෝ දේශපාලකයන්ගේ ස්වභාවයයි.

එම සියලු දේශපාලකයන්ට ආදර්ශයක් සපයමින් පසුගියදා විශේෂ පරිත්‍යාගයක් ගම්පහ මහරෝහලට සිදු කිරීමට ජනතා නියෝජිතයෙකු පියවර ගෙන තිබුණා.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතායි.

මේ වන විට ශ්‍රී ලංකාවේ රෝහල් බොහෝමයක බරපතල ගැටළුවක් වී ඇත්තේ කොරෝනා ආසාධිත රෝගීන්ට ඔක්ස්ජන් ලබාදීමේ ක්‍රියාවලියයි.

විශේෂයෙන්ම බිත්ති හරහා සවි කරන ලද නල පද්ධතිය (Wall mount Oxygen System) හරහා ඔක්සිජන් රෝගීන් වෙත ලබා දීම වඩා ආරක්ෂිතම සහ ඵලදායිම ක්‍රමවේදය වනවා.

කොරෝනා දැඩි අවදානමක් පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධානතම රෝහලට ද මෙම (Wall mount Oxygen System) පද්ධතිවල අවශ්‍යතාවය තදින් දැනී තිබුණා.

ඒ දිනෙන් දින ඉහළ යන රෝගීන් සංඛ්‍යාව හමුවෙයි.

එම අවශ්‍යතාවය හඳුනාගනිමින් රුවන් විජේවර්ධන මහතා තම පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ දහයක් කොවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර ලබාදෙන වාට්ටුවකට අදාළ පද්ධතිය ඉදිකිරිම වෙනුවෙන් පරිත්‍යාග කිරීම විශේෂත්වයක්.

ඔහු පසුගියදා (07) එම මුදල ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා වෙත පරිත්‍යාග කර තිබෙනවා.

About The Author