එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයට සහය පළකළ පළාත් පාලන සභිකයන් එජාපයෙන් ඉවත් කිරීම වළකාලන ලෙසට කරන ලද අභියාචනය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සදහා දින නියම කිරීමට පියවර ගෙන ඇති බව වර්තාවනවා.
මෙම අභියාචනය සමගි ජන බලවේගයට සහය පළකළ එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන් 70 දෙනෙකු විසින් ඉදිරිපත් කොට තිබුනේ පසුගියදා ඔවුන්ගේ මන්ත්‍රී ධුර අභියෝගයට ලක් කරමින් ලබා දී තිබු අධිකරණ නියෝගයට එරෙහිවයි.
ඒ අනුව අදාළ අභියාචනය පිළිබඳව කරුණු විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ජුනි මස 08 වැනිදා දිනය ලබා දී තිබෙනවා.
ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිට ඇති බවයි වාර්තාවන්නේ.
මේ පිළිබදව පෙස්සම්කරුවන්ගේ නීතීඥයන් විසින් මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දීමට ද පියවර ගෙන තිබෙනවා.

© මුලාශ්‍රය – මව්රට
සබැඳී පුවත් – එජාපයෙන් බලයට පැමිණ සජබයට සහය දුන් පුංචි මන්ත්‍රීවරුන්ගේ තනතුරු ගලවයි – තීන්දුව මෙන්න


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට