Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මට නම් අජිත් රෝහණගේ සීනිබෝල කතා එවන්න එපා, මම නාට්ටමි කෙනෙක් තමයි, ඇමතිතුමා ලැජ්ජයි – චමුදිත විනාඩි 15ක් එක දිගට නෙළයි

තමන් ජනතාවගේ බර කර ගසන නාට්ටාමි කෙනෙක් බවත් තමන් එම රැකියාව ඉතා ගෞරවයෙන් භාර ගන්නා බවත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරනවා.

හිරු රූපවාහිනියේ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා.

නිරෝධායන නීතිය ක්‍රියාත්මක වීමේ දී රටේ පුද්ගලයන්ගේ තරාතිරම අනුව ඔහු නීතිය වෙනස් විය නොහැකි බව ද ඔහු සඳහන් කළ අතර මින් ඉදිරියට අජිත් රෝහණගේ සීනිබෝල මාධ්‍ය නිවේදන කියවීමෙන් වලකින බවද සඳහන් කළා.

නීතිය බාර ඇමති සරත් වීරසේකර එම ඇමැති ධුරයේ රාජකාරී නිසි ලෙස කළයුතු බවත් නිරූපිකාවන්ගේ ඇඳුම් අදින එක ඔහුගේ කාර්යයක් නොවන බවත් පැවසු සමරවික්‍රම මහතා සිදුවීම පිළිබද සහ එයට සම්බන්ධ පුද්ගලයින් පිළිබද තොරතුරු රැසක් ඉදිරියේදී හෙළි කරන බවද සඳහා කළා.

About The Author