Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

උදයංග බුබුළු නංවයි – තවත් බුබුලක් සෙනසුරාදා ලංකාවට

යුක්‍රේන සංචාරකයින් ශ්‍රී ලංකාවට ඒම හරහා කොරෝනා ව්‍යාප්ත වූ බවට එල්ලවන සියලු චෝදනා බැහැර කරමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා විසින් රුසියානු සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන ඒමට සුදානම් වනවා.

ඔහු සඳහන් කරන්නේ වසර අවසානයේ රුසියානුවන් 26 000 ක් මෙරටට ගෙන ඒම මගින් ඩොලර් මිලියන 40 පමණ විදේශ විනිමයක් උපාය ගැනීමට හැකි බව තමන් විශ්වාස කරන බවයි.

උපුටා ගැනීම – උදයංග වීරතුංග මහතාගේ නිල Facebook පිටුව

මුලින්ම සතියට එක ගුවන් යානාවක්, සෙනසුරාදා දිනයේ මගීන් 290 පමණ රැගෙන යාහැකි A330 ගුවන් යානාවක් යොදා ගැනීමට සියලු කටයුතු සුදානම් කර හමාරය. ඉන්පසු රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම සමග එකතුව වසර අවසානයේ රුසියානුවන් 26,000 රැගෙනවිත්, ඩොලර් මිලියන 40 පමණ විදේශ විනිමයක් රටට උපයා ගැනීමට අපට පුලුවන් බව මා විශ්වාස කරමි. එදා යුක්රේනියානු සංචාරකයන් මෙරටට කොරෝනා බෝකර බවට මනංකල්පිත චෝදනා එල්ල කරමින් සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට ජනතාව ප්‍රකෝප කරමින් දේශපාලන වාසි ගැනීමට තැත් කරන උදවිය ගැන අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටින්නෙමු..

මෙවර ඔහු විසින් පාසිකුඩා වෙරළ තිරය කේන්ද්‍රකර ගනිමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

පාසිකුඩා වෙරළ තීරයේ සිට මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරක් දක්වා ස්වාභාවික දිය තටාකයක් ලෙසද හැඳින්විය හැකිය. එය සොබාදහමේ අපූරු තිළිණයකි. මෙම වෙරළ තීරය අපගේ සංචාරක කර්මාන්තය සඳහා වඩාත් වාසිදායක වෙරළ තීරයක්‌ බව හඳුනාගත් එවකට සිරිමාවෝ බණ්‌ඩාරනායක රජය වර්ෂ 1971 දී පාසිකුඩා වෙරළ තීරය සංචාරක කලාපයක්‌ ලෙස නම් කළේය. ඒ අතිශය සුන්දර පාසිකුඩා වෙරළ තීරයේ අසිරිය විඳගැනීමට රුසියානු සංචාරකයන්ට ළඟදීම අවස්‌ථාව උදා කරනුයේ “සංචාරක බුබුළ” සංකල්පයයි..

ඒ සම්බන්ධයෙන් වන දැන්වීමක්ද ඔහු විසින් මේ වන විටත් ප්‍රසිද්ධ කර තිබෙනවා.

About The Author