කාබනික පොහොර ලෙස ගෙන්වන්නේ චීනයේ නාගරික කැළි කසල බවට චෝදනා
රසායනික පොහොර ආනයනය තහනම් කළ ආණ්ඩුව මේ වන විට මහ කන්නය සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට සූදානම් වනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය වූයේ හෙක්ටෙයාර 11,000ක වගා කටයුතු සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි.
අදාළ කැබිනට් තීරණය
2021/2022 මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක සැපයීම – රට තුළ කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක භාවිතය හා ආනයනය තහනම් කිරීම සඳහා රජය මේ වන විට අවශ්‍ය පියවර ගනු ලැබ ඇත. ඒ අනුව, 2021/2022 මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර සැපයීම සඳහා කඩිනමින් පියවර ගැනීමේ අවශ්‍යතාව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හඳුනාගෙන තිබේ. මේ වන විට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බලපත්‍රලාභී දේශීය කාබනික පොහොර නිෂ්පාදකයින් 27 දෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් 10 දෙනෙකුගේ නිෂ්පාදන ධාරිතාව සැලකිල්ලට ගැනීමේදී 2021/2022 මහ කන්නය සඳහා හෙක්ටයාර 224,000කට අවශ්‍ය කාබනික පොහොර දේශීයව සපයා ගැනීමටත්, තවත් හෙක්ටයාර 100,000ක් සඳහා අවශ්‍ය කාබනික පොහොර, හඳුනාගනු ලබන ගොවීන් වෙත අවශ්‍ය පහසුකම් සලසා දීමෙන් අනතුරුව නිෂ්පාදනය කිරීමටත් හැකියාව පවතී. ඒ අනුව, පහත සඳහන් පරිදි කටයුතු කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්ර ශාක පෝෂක ප්‍රසම්පාදනය කිරීමට අදාළව විශේෂිත ප්‍රසම්පාදන කමිටුවක් සහ එම ප්‍රසම්පාදන කමිටුවට සහාය වීම පිණිස අදාළ විෂයය පිළිබඳ ප්රවීණත්වයක් සහිත සාමාජිකයින්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කිරීම.
* 2021/22 මහ කන්නයේ වී වගාව සඳහා හෙක්ටයාර 500,000ක් සඳහා අවශ්‍ය කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ අවශ්‍යතාවන් ජාත්‍යන්තර තරගකාරි ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් රජයට අයත් පොහොර සමාගම් මඟින් ආනයනය කර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවීන් වෙත බෙදා හැරීම.
* අනෙකුත් භෝග හෙක්ටයාර 600,000කට පමණ අවශ්‍ය කාබනික පොහොර එම භෝගවලට අදාළ පර්යේෂණ ආයතනවල නිර්දේශයන්ට අනුකූලව මෙරටට පොහොර ආනයනය කිරීම සඳහා බලපත්‍ර හිමි සමාගම් මඟින් ආනයනය කර අදාළ ගොවීන් වෙත බෙදා හැරීම.
* ආහාර නොවන විසිතුරු පැළෑටි හා කැපුම් මල් වගාවන් හා නිර්පාංශු වගාවන් සඳහා හඳුනාගත් විශේෂිත පොහොර එම භෝගයන්ට අදාළ පර්යේෂණ ආයතනයන්හි නිර්දේශ මත ආනයන බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ ආනයනය කර අදාළ ගොවීන් වෙත බෙදා හැරීම.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේ රජය විසින් මෙලෙස ආනයනය කිරීමට සැලසුම් කර ඇත්තේ චීනයේ නාගරික කැලිකසල බවයි.
පසුගියදා (30) ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.
”කාබනික පොහොර පිළිබඳ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවලා තියෙනවා.එහි ඉන්නවා සාමාජිකයෝ 46 දෙනෙක්.විවිධ කෘෂිකර්මාන්ත ක්ෂේත්රය පිළිබඳ දැනුම තියෙන ආචාර්ය මහාචාර්යවරුත් ඉන්නවා ඒ අතරතුරේ විවිධ අයත් ඉන්නවා හිතා ගන්න බැරි අයත් ඉන්නවා
දැන් මොකක්ද මේ අය එකතුවෙලා කරන්න හදන්නේ කාබනික පොහොර ආනයනය කරනවා කියලා කොහෙන් ද ගේන්න යන්නේ, චීනයෙන් නාගරික කසල. ඒවා මේ කාබනික පොහොර නෙමෙයි. කවුරුත් දන්න දේ තමයි චීනයේ නාගරික කසල බැහැර කරලා ඒ කසල උඩට යූරියා ඉහලා ඒ කන්ටේනර් ටැංකිවලට යූරියා ස්ප්‍රේ කරලා, ඒක තමයි නයිට්රජන් ප්‍රමාණය ඔන්න දැන් තියෙනවා කියලා ලොකෝ බොහො රටවලට කාබනික පොහොර කියලා යවන්නේ.
මේවා මේ රටට ගෙනාවොත් රසායනික පොහොරවලින් සිදු වන විනාශයට නොදෙවැනි විනාශයක් සිද්ධ වෙනවා.
එක පැත්තකින් මේක බිස්නස් එකක් කරගන්නවා. තමන්ගේ හිතවත්තු තමන්නේ චෞර වලල්ලේ කට්ටියව දාලා පොහොර ආනයනය කරන්න, ඒ කට්ටියට අවස්ථාව දෙනවා” යනුවෙන් ද විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට