කොළඹ කොටුවේ ස්ථාපිත කර ඇති පොලිස් මුලස්ථානය පැපිලියාන ප්‍රධාන මාර්ගයේ අංක 142, බෙල්ලන්තොට හන්දිය, අත්තිඩිය පාර, දෙහිවල යන ලිපිනයෙහි ඇති ශ්‍රී ලංකා පොලිසිය සතු ඉඩමක් වෙත ගෙන ඒම සඳහා තීරණය ඇති බව අනාවරණය වුණා.
ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි.

එම කැබිනට් තීරණය පහතින්..
නව පොලිස් මූලස්ථාන සංකීර්ණයක් ඉදිකිරීම – දැනට පොලිස් මූලස්ථානය යෝර්ක් වීදිය හා චෛත්‍ය පාර සම්බන්ධ වන මාර්ගය මැදි කොට වසර 100කට වඩා පැරණි ගොඩනැඟිලි 03ක පවත්වාගෙන යනු ලබන අතර, එම පරිශ්‍රය තුළ ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීම හේතුවෙන් සිවිල් පරිපාලන කාර්යාලය හා තවත් කොට්ඨාස කිහිපයක් කුලී පදනම මත ලබා ගත් ගොඩනැඟිලිවල පවත්වාගෙන යනු ලබයි. පොලිස් මූලස්ථාන සංකීර්ණය මිරිහාන ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා 2012 ජුලි මස 11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත්, ඒ අනුව අවශ්‍ය පියවර ගෙන නොමැත. එම තත්ත්වය යටතේ ශ්‍රී ලංකා පොලිසිය සතු පැපිලියාන ප්‍රධාන මාර්ගයේ අංක 142, බෙල්ලන්තොට හන්දිය, අත්තිඩිය පාර, දෙහිවල ලිපිනයෙහි පිහිටි අක්කර 14 යි රූඩ් 02යි පර්චස් 38.50ක ඉඩම පොලිස් මූලස්ථාන සංකීර්ණය ඉදි කිරීම සඳහා වඩාත් යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, පොලිස් මුලස්ථාන සංකීර්ණය මිරිහාන ප්‍රදේශයේ වෙනුවට ශ්‍රී ලංකා පොලිසිය සතු එකී ඉඩමේ ඉදි කිරීමටත්, අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි අවශ්‍ය ගොඩනැඟිලි වෙන් වෙන් ව්‍යාපෘති වශයෙන් හඳුනාගෙන ඉදි කිරීමේ ප්‍රසම්පාදන කාර්යයන් සිදු කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට