කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන විලියම් ආමොස් නමැත්තා online තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු පාර්ලිමේන්තු රැස්වීමක් අතරතුර දී සිය කලිසම ගලවා දමා තිබේ.
මන්ත්‍රීවරයා පවසන්නේ තමා ඒ අවස්ථාවේ රැස්වීමට සම්බන්ධ වී සිටිය ද වීඩියෝව විවෘත වී ඇති බව නොදැන සිටි බව යි. එබැවින් සිදු වූ අත්වැරැද්දට සමාව ඉල්ලා සිටින බවත් මෙම අවස්ථාව ජනතාවට නොපෙනුණ ද, එයින් තමා අතිශය ලජ්ජාවට පත් වූ බවත් පවසමින් මන්ත්‍රීවරයා විසින් ලිඛිත ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
හාස්‍යයට කරුණ වන්නේ ආමොස් මන්ත්‍රීවරයා මින් පෙර එනම්, පසුගිය අප්‍රේල් 14 වන දින පැවැති online රැස්වීමක දී ද මෙවැනි ම ආකාරයෙන් කලිසම ගලවා දමා ලජ්ජාවට පත් ව තිබීම යි.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර