රුසියානු නායක ජෝසෆ් ස්ටාර්ලින් ආගමට සහ ආගමික නායකයින්ට එරෙහි ව ම්ලේච්ඡ ව්‍යාපාරයක් මෙහෙයවීය.
1917 දී රුසියාව තුළ කොමියුනිස්ට් පාලන යුගය ආරම්භ වන විට, ආගම යනු “සමෘද්ධිමත් සමාජවාදී සමාජයකට බාධාවක්” ලෙස සලකනු ලැබී ය. කොමියුනිස්ට් ප්රකාශනයේ සම කර්තෘ, කාල් මාක්ස් ප්‍රකාශ කළ පරිදි, “අදේවවාදය ආරම්භ වන තැන කොමියුනිස්ට්වාදය ආරම්භ වේ.”
සෝවියට් සංගමයේ දෙවන නායකයා වූ ජෝසෆ් ස්ටාර්ලින් ඔවුන්ගේ ජනරජය තුළ සටන්කාමී වශයෙන් අදේවවාදය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළේ ය. ස්ටාර්ලින් තර්ක කළේ, සමාජවාදියෙකු යනු අදේවවාදියෙකු වන අතර, පන්ති පීඩනයට බැඳ තැබීමට උපකාර කළ ආගමික දාමයන්ගෙන් තොර පුද්ගලයෙකු විය යුතු බව ය. 1928 සිට දෙවන ලෝක යුද්ධය දක්වා කාලය තුළ මෙම ඒකාධිපතියා පල්ලි, සිනගෝග සහ මුස්ලිම් පල්ලි වසා දැමුවේ ය. තව ද දෙවියන්ගේ සංකල්පය පවා තුරන් කිරීමේ උත්සාහයක් වශයෙන් දහස් ගණන් ආගමික නායකයින් ඝාතනය කර සිරගත කිරීමට නියෝග කළේ ය.
ඉතිහාසඥයෙකු හා “ස්ටාර්ලින්ගේ ශුද්ධ යුද්ධය: ආගම, ජාතිකවාදය සහ සන්ධාන දේශපාලනය” යන ග්‍රන්ථයේ කතුවරයා වන ස්ටීවන් මෙරිට් මයිනර් මෙසේ පවසයි.
“ඔහු ආගම දුටුවේ මිනිසුන් අතීතයෙන් ඉවතට ඇද දමන, විද්‍යාවේ හා ප්රගතියේ අනාගතය විනාශ කර දමන මාර්ගයක් ලෙස ය. ස්ටාර්ලින් බොහෝ දේ කළා පමණක් නොව ලෙනින්වාදී යුගයේ ප්රචණ්ඩත්වය ද වේගවත් කළේය.”
ජෝසෆ් ස්ටාර්ලින් හැදී වැඩුණේ ආගමත් සමඟ ය.
පෞද්ගලික ව, ස්ටාර්ලින් පල්ලිය ගැන හොඳින් දැන සිටියේ ය. ජෝර්ජියාවේ තරුණයෙකු වූ ඔහු අධ්‍යාපනය ලැබුවේ ආගමික සෙමනේරිවල ය. එනමුත් පළමුව එක් සෙමනේරියකින් නෙරපා හරින ලද ස්ටාර්ලින්, පසුව නීතිවිරෝධී සාහිත්‍ය කෘති ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනිණි. තරුණ කැරලිකරුවා සෙමිනේරියානු ආගම කෙරෙහි වඩ වඩාත් කලකිරීමට පත්වීමත් සමඟ, මාක්ස්වාදයේ සර්වබලධාරී ස්වභාවය සහ එහි විශ්වීයත්වය අතිශයින්ම සිත් ඇදගන්නාසුලු බව වටහා ගත්තේ ය.
ව්ලැඩිමීර් ලෙනින් යටතේ දශකයකට වැඩි කාලයක් තිස්සේ ආගමික විරෝධී ක්‍රියාමාර්ගවලට මුහුණ දුන් රුසියානු ඕර්තොඩොක්ස් පල්ලිය 1920 ගණන්වල දී ස්ටාර්ලින් සිය බලයේ උච්චතම අවස්ථාවට පැමිණෙන විට ද පැවතුණේ ප්‍රබල බලවේගයක් ලෙස ය. එකල රුසියාවේ ගොවීන් වෙන කවරදාටත් වඩා පල්ලියට විශ්වාසවන්ත ව සිටි බව “කොමියුනිස්ට් ඉතිහාසයේ ඔක්ස්ෆර්ඩ් අත්පොත”හි රචක, රිචඩ් මැඩ්සන් ලියයි.
“පල්ලියේ නමස්කාරය තවමත් ඔවුන්ගේ ජීවන රටාව තුළට ගැඹුරින් කාවැදී ඇත. ඔවුන්ගේ ජීවන රටාව සඳහා එය අත්‍යවශ්‍ය විය.” එහෙයින් රට තුළ බලගතු පල්ලියක් පැවතීම අවදානම් සහගත වූ අතර විප්ලවයේ සාර්ථකත්වයට තර්ජනයක් විය හැකි යැයි තීරණය කෙරිණි.
දෙවියන් රහිත පස් අවුරුදු සැලැස්ම.
1928 දී දියත් කරන ලද “දෙවියන් රහිත පස් අවුරුදු සැලැස්ම”ත් ආගමික විරෝධී සංවිධානයක් වන “ලීග් ඔෆ් මිලිටන්ට්” වැනි අදේවවාදීන්ගේ සංවිධානත් ආගම අහෝසි කිරීම සඳහා නව මෙවලම් ලබා දුන්නේය. පල්ලි වසා දැමුණු අතර පල්ලිවලට අයත් දේපොළ මෙන් ම සරල වන්දනා ක්‍රමවලින් ඔබ්බට ගිය අධ්‍යාපනික හා සුභසාධන කටයුතු ද ඉවත් කරන ලදී.
“විප්ලව විරෝධී” වීමේ පදනම මත පල්ලියේ නායකයන් සිරගත කරන ලදී. ඇතැමුන් ඝාතනය කෙරිණි. ඉතිරි ව සිටි පූජකයන් කිහිප දෙනාට අනුකම්පා කළ අය හේතුවෙන් පල්ලිය විසුරුවා හරින ලදී. නැතහොත් රජයේ කාර්යාලයක් බවට පත් කරන ලදී.
මෙම සැලැස්ම තුළ සාපේක්ෂ වශයෙන් සරල අදහසක් ඇති බව මැඩ්සන් පැහැදිලි කරයි. “ස්ටාර්ලින්ට අනුව සමාජවාදයේ විශ්වීය මූලධර්ම මත පදනම් වූ සමාජයක් නිර්මාණය කිරීම සඳහා සාම්ප්‍රදායික ජාතික විඥානය තුරන් කළ යුතු විය. අවසානයේ දී සෝවියට් සංගමය සමඟ මිත්‍ර වීමට තෝරාගත් අනෙකුත් කොමියුනිස්ට් රටවලට පවා මෙම සැලැස්ම අපනයනය කරන ලදී.”
මේ අතරතුර සමාජ ප්‍රතිසංස්කරණ සහ අදේවවාදයට පක්ෂපාතී ප්‍රකාශන මඟින් ආගම එදිනෙදා ජීවිතයෙන් මුළුමනින් ම තුරන් කිරීමට උත්සාහ කෙරිණි. 1929 දී ආරම්භ කරන ලද නව සෝවියට් දින දර්ශනයේ මුලට “දින පහක අඛණ්ඩ සතියක්” ඇතුළත් විය. එම අමුතු සතිය යනු සති අන්තයන් ඉවත් කර, ශ්‍රම සංකල්පයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා නිර්මාණය කරන ලද්දකි. එනමුත් ඊට සැඟවුණු න්‍යාය පත්‍රයක් ද තිබිණි. එනම්, මුස්ලිම්වරුන්ගේත් යුදෙව්වන්ගේ හා කිතුනුවන්ගේත් අනිවාර්යය යාඥා දියනයන් වූ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනයන් ඉවත් කිරීම යි.
නව ප්‍රතිසංස්කරණ හරහා නෙරපා හරින ලද පල්ලි, සිනගෝග සහ මුස්ලිම් පල්ලි ආගමික විරෝධී “අදේවවාදයේ කෞතුකාගාර” බවට පරිවර්තනය කරන ලදී. පල්ලි තුළ වාඩි වී සිටි ලිපිකරුවෝ අදේවවාදී විද්‍යාත්මක සංසිද්ධීන් පිළිබඳ පැහැදිලි කිරීම් සිදු කළහ. ආගමික සංකේත හා ධාතුවල ගුප්තබව ඉවත් කොට, සාමාන්‍ය වස්තූන් ලෙස සලකනු ලැබී ය. කෙසේ වුවත් මෙම ප්‍රදර්ශනවලට සාමාන්‍ය ජනතාව ආකර්ෂණය වූ බවක් පෙනෙන්නට නැත. මෙවැනි කෞතුකාගාර වඩාත් ජනප්‍රිය වන්නේ 1980 දශකය තරම් මෑත කාලයක දී බව “නිව්යෝර්ක් ටයිම්ස්” වාර්තා කරයි.
“ස්වාධීන අදේවවාදීන්ගේ ලීගය” ආගමික විරෝධී ප්‍රකාශන බෙදා හැරීමටත් දේශන හා උද්ඝෝෂණ සංවිධානය කිරීමට සහ අදේවවාදී ප්‍රචාරයන් සමාජවාදී ජීවිතයේ සෑම අංගයක් තුළ ම පාහේ ක්‍රියාත්මක කරවීමටත් උපකාරී විය. එනමුත් මෙම ප්රකාශනවල ජනප්‍රියතාව පිළිබඳ සිතා බලන විට ස්ටාර්ලින් හට අවශ්‍ය වූ තරමට අදේවවාදය ජය ගත් බවක් පෙනෙන්නට තිබුණේ නැතැයි මයිනර් පවසයි. ඇතැම් ඇදහිලිවන්තයන් අදේවවාදී ප්‍රකාශන මිළට ගත්තේ සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට පමණි.
දෙවන ලෝක යුද්ධ සමයේ දී පල්ලි නැවත විවෘත වේ.
1939 වන විට රුසියානු විප්ලවයට පෙර 46,000ක් ව පැවැති පල්ලිවලින් විවෘත ව තිබුණේ 200ක් පමණි. පූජ්‍ය පක්ෂය හා ගිහියන් ඝාතනය කර හෝ කම්කරු කඳවුරුවල රඳවා තිබූ අතර බිෂොප්වරු හතර දෙනෙක් පමණක් “නිදහසේ” සිටියහ.
ඕර්තොඩොක්ස් පල්ලිය සියලු විරෝධතා පරාජය කරමින් දෙවන ලෝක යුද්ධය තෙක් රැඳී සිටීමට සමත් විය. නාසි ආක්‍රමණිකයන් පැමිණ විශ්මයජනක ලෙස යුක්රේනයේ පල්ලි නැවත විවෘත කිරීමෙන් පසු දේශීය ජනතාවගේ අනුකම්පාව ඔවුනට ලබා ගත හැකි විය. මේ අතර ස්ටාර්ලින් සිය පියවරුන්ගේ දේශය සඳහා ජාතික සහයෝගීතාව ලබා ගැනීමේ නිරුවත් උත්සාහයක නිරත විය.
සිය ආගමික විරෝධී යුද්ධය ගැන ස්ටාලින්ට පූර්ණ විශ්වාසයක් ඇති බව පෙනෙන්නට තිබුණි. මයිනර් මෙසේ පවසයි.
“ඔහු අදේවවාදියෙකු වූ බවට කිසිම සැකයක් නැත. ස්ටාර්ලින් සිතුවේ ආගම විකාරයක් බවත්, එය මිනිසුන්ගේ ඇස්වලට දූවිලි විසි කිරීමේ ක්‍රමයක් බවත්, ඒ හරහා ඔවුන්ට ජනතාව පාලනය කළ හැකි බවත් ය. සැබෑ නොවන කිසිවක් විශ්වාස කිරීම බොළඳ දෙයක් බව ඔහු පැවසීය.”
ෆ්රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට් හමු වන්නට ගිය ස්ටාර්ලින්, එම ජනාධිපතිවරයා ආගමික කටයුතුවලට සහභාගී වන බව දැක රාජ්‍ය තාන්ත්‍රික, ඩබ්ලිව්. ඇවරෙල් හැරිමන්ගෙන් විමසුවේ, “ජනාධිපතිවරයා කෙතරම් බුද්ධිමත් මිනිසෙක් ද? ඔහු මේ පෙනී සිටි තරම් ම ආගමික ද? නැතහොත් මේ හැසිරීම දේශපාලනික අරමුණු සඳහා වේ ද?” කියා ය.
බහුතරය අදේවවාදයට හැරවීමට ස්ටාර්ලින් අසමත් වේ.
රුසියානු ඕර්තොඩොක්ස් පල්ලිය ඉවත් කිරීමට ස්ටාලින් ගත් පියවර සාර්ථක වූවත්, එවැනි උපක්‍රම සාමාන්‍ය ජනතාවගේ සැබෑ ඇදහිල්ල වෙත ඇති කළේ අවම බලපෑමකි. 1937 තරම් මෑත කාලයේ දී, සෝවියට් ජනගහණය පිළිබඳ සමීක්ෂණයකින් හෙළි වූයේ ඔවුන්ගෙන් 57%ක් ආගමික ඇදහිලිවන්තයින් වූ බව යි. එසේ නම්, ස්ටාලින්ගේ කේන්ද්‍රීය විශ්වාසය වූ “සෑම තාර්කික පුද්ගලයෙක් ම, ළදරුවකු මව් කිරෙන් මිදෙන්නා සේ ස්වභාවයෙන් ම ආගමික මිථ්‍යා විශ්වාසයන් බැහැර කරනු ඇත.” යන්න ප්‍රායෝගික ව සිදු වී නොමැත.
දෙවන ලෝක සංග්රාමයෙන් පසුව පවා දශක ගණනාවක් තිස්සේ මෙම ආගමික විරෝධී ව්‍යාපාරය ක්‍රියාත්මක විය. 1920 ගණන් වන විට, බයිබලය තහනම් කර තිබූ අතර කිසිදු ආගමික අධ්‍යාපනයක් නොලැබිණි. කෙසේ වෙතත්, 1987 වන විට සෝවියට් නිලධාරීන් විසින් සිය ආගමට එරෙහි සටන පරාජයට පත්වන බව පිළිගැනීමට පටන් ගෙන තිබිණි.
තව ද සංස්කෘතිකමය වශයෙන් ගත් කල, නාගරික බෝල්ෂෙවික් පාක්ෂිකයන් හට ජනගහණයෙන් වැඩි ප්‍රමාණයක් වූ ග්‍රාමීය ගොවීන් සමඟ එතරම් සම්බන්ධයක් නොතිබිණි. නාගරිකයන් විසින් දියත් කෙරුණු සටන්කාමී අදේවවාදය, කිසි විටෙකත් ශතවර්ෂ ගණනාවක ආගමික වත්පිළිවෙත් පිළිබඳ විශ්වාසය බැහැර කරවීම සඳහා ප්‍රමාණවත් නොවී ය. අදටත් 1917 වසරේ ඔක්තෝබර් විප්ලවයේ මතකය මෙන් ම ස්ටාර්ලින්ගේ අදූරදර්ශී පාලනය පිළිබඳ මතකය ද රුසියානුවන් තුළ පවතින්නේ අඳුරු සෙවණැලි මෙන් ය.
ශ්‍රීනි ලංකා ජයකොඩි
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්