කොරෝනා ආසාදිතයන්ට මේ වන විට දෛනිකව ලබාදෙන ඔක්සිජන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25 ඉක්මවා ඇති වාර්තාවනවා.
ඒ හේතුවෙන් හදිසි අවශ්‍යතාවයක් මත ඔක්සිජන් ටොන් 120,000 ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
මීට පෙර සඳහන් කෙරුනේ මෙරටට රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් මෙරට ඔක්සිජන් නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලාවලින් කිසිදු ගැටලුවකින් තොරව ලබා ගත හැකි බවයි.
නමුත් මේ වන විට වාර්තා වන්නේ මෙරට පිහිටි නිෂ්පාදන සමාගම් වල දෛනික උපරිම නිෂ්පාදනය කොරෝනා ආසාදිත රෝගීන් 800 කගේ ස්වසන අවශ්‍යතාවය සඳහා පමණක් ප්‍රමාණවත් බවයි.
නමුත් විදුලි බිඳ වැටීම් කාර්මික දෝෂ ආදී කරුණු මත ඔක්සිජන නිෂ්පාදනයට බාධා මතුවිය හැකි බැවින් ඔක්සිජන් හිගයක් නිර්මාණය වීම වලක්වා ගැනීමට ඔක්සිජන් ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා.
© මුලාශ්‍රය – ලංකා සී නිවුස්
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට