Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අගමැති, මස් මාංශ හා මත්පැන් අලෙවි සැල් වසයි , අලෙවියත් තහනම් කරයි – වෙසක් සඳ නිසා වුණු දෙයක් බව කියයි

වෙසක් උත්සවය නිමිත්තෙන් 26 සහ 27 දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් සහ මස් මාංශ අලෙවි සැල් වසා දමන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

ඒ අනුව 26 හා 27 දෙදින සියලුම සුරා සැල්,සතුන් මරණ ස්ථාන, මස් මාංශ අලෙවි සැල් වසා දැමිය යුතු අතර සුපිරි වෙළඳ සැල් ඔස්සේ මත්පැන් අලෙවිය මෙන්ම මස් මාංශ අලෙවි කිරීම නතර කරන්න ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

සංචරණ සීමා කාලයන්ට අදාළව දැනටමත් සුරා සැල් වසා තබන්නැයි රජය විසින් නියෝග කර තිබෙන අතර වෙසක් උත්සවයට සමඟාමීව හෙට සහ අනිද්දා මස් මාංශ අලෙවිය ද මුළුමනින්ම නවතා දැමිය යුතු බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට සංචරණ සිමා පනවා තිබෙන අතර මේ හේතුවෙන් දිවයිනේ සියලුම වෙළඳසැල්, සුරාසැල් ආදිය ද වසා තිබෙනවා.

ඇතැම් සුපිරි වෙළඳසල් හරහා පමණනක් ජනතාව දුරකථන ඔස්සේ සහ අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන ඇනවුම් සඳහා භාණ්ඩ නිවෙස් වලටම බෙදා හැරීම සිදු කරන නමුත් ජනතාවට වෙළඳසල් වලට ගොස් මස් මාංශ හෝ මත්පැන් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ.

About The Author